Thursday, September 12, 2013

රසිදුගේ ලිපි අංක 1 - අපිටම කියලා ෆොටෝ comment හදාගමු.

අපිටම කියලා ෆොටෝ comment හදාගමු.

වෙන වෙන රටවල්වල එවුන් එක එක soft හදලා අපිට විකුණලා,පස්සේ අපිටම ලොකුව දුන්නට මෙන්න ලංකාවේ අපේම කොල්ලෙක් එළකිරි soft එකක් ගහලා තියෙනවා.මේ කොල්ලා තමයි දිලීප ජයවර්ධන.වැඩි වෙලාවක් යන්නේ නැතිව ඕනම ජාතියේ ෆොටෝ කොමන්ට් එකක් ලේසියෙන්ම හදාගන්න මේකෙන් පුලුවන්.දැන් FB එකේ අලුත්ම trend එක තමයි ෆොටෝ වලින් අදහස් හුවමාරු කරගන්න එක.FB එකට යන එන ඇත්තෝ අනුන්ගේ ෆොටෝ කොමන්ට් උස්සල තමන්ගේ විදියට දාපු කාලේ ඉවරයි,දැන් ඉතිං අපිටම ඒවා හදාගන්න බැරිය.ඔන්න පහල දාලා තියෙනවා සාම්පල් ටිකක්.......




ඉතිං මේ වගේ ඒවා හදාගන්න ආසද?මුල් දවස් දහයෙම 2000 කටත් වඩා මේ Comment Me soft එක බාගෙන තියෙනවා.තවත් ඉතිං අහවල් එකක් කරන්න බලාගෙන ඉන්නවයි?ඔන්න පහලින් බාගන්න එකයි තියෙන්නේ.......

බාගන්නට...

 මේ පෝස්ට් එකේ සම්පූර්ණ තැන්කූ එක යන්න ඕන රසිදු රූහන්සට.දිලීප මල්ලි අපේ එකෙක් කියලා ඌව අප් කරලා ගන්න ඕන කිව්වෙත් රසිදු තමයි.ඉතිං මල්ලියෝ මට උබ ගැන ගොඩක් ආඩම්බරයි බන්.....ලංකාවේ මේ වගේ වැඩකාරයොන්ගේ ‍මොරාල් එක අපේ අතින් අප් වෙනවා හොදටම මදි.අපේ එවුන් හිතං ඉන්නේ සුද්දොන්ට විතරයි මේවා පුලුවන් කියලා.උබට පොඩි හරි අප් එකක් මේකෙන් එනවනම් අපිට ඒ ඇති මලෝ.මේ වගේ හැමෝටම ප්‍රයෝජනවත් එළ කිරි සොෆ්ට් තව තවත් හදන්න උබට ගට ලැබෙන්න ඕන කියලා මම බොක්කෙන්ම wish කරනවා හොදේ............

අපේ අය අපේ මලයට like එකක් comment එකක් දාලා ගියොත් ඌට වගේම අපිටත් තව සතුටු හිතෙයි හොදේ...

ප/ලි
අප හිතවත් ගූගල් දෙයියා මා බොලොක්කයේ ඇති කමන්ට් ස්පෑම් යැයි සලකා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන හෙයින් එතුමාට එකට එක කිරීමක් ලෙස මෙම බොගයෙන් ගූ ගල් කමෙන්ට් පෙස්ටිය ඉවත් කරන ලදී.මේ තාක් දුරට මා දිරිමත් කල,අදහස් එක්කල සියල්ලගේම කමෙන්ට් ගූ ගල් දෙයියා සමග වලපල්ලට යන බැවින් කමාව අයදිමි.බොගර් කමෙන්ට් පෙස්ටියට ජය වේවා යැයි පතමින් මෙතැන් සිට එම පෙස්ටිය සැවොම භාවිතා කරමු.....

No comments:

Post a Comment

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............