Thursday, September 12, 2013

රසිදුගේ ලිපි අංක 1 - අපිටම කියලා ෆොටෝ comment හදාගමු.

අපිටම කියලා ෆොටෝ comment හදාගමු.

වෙන වෙන රටවල්වල එවුන් එක එක soft හදලා අපිට විකුණලා,පස්සේ අපිටම ලොකුව දුන්නට මෙන්න ලංකාවේ අපේම කොල්ලෙක් එළකිරි soft එකක් ගහලා තියෙනවා.මේ කොල්ලා තමයි දිලීප ජයවර්ධන.වැඩි වෙලාවක් යන්නේ නැතිව ඕනම ජාතියේ ෆොටෝ කොමන්ට් එකක් ලේසියෙන්ම හදාගන්න මේකෙන් පුලුවන්.දැන් FB එකේ අලුත්ම trend එක තමයි ෆොටෝ වලින් අදහස් හුවමාරු කරගන්න එක.FB එකට යන එන ඇත්තෝ අනුන්ගේ ෆොටෝ කොමන්ට් උස්සල තමන්ගේ විදියට දාපු කාලේ ඉවරයි,දැන් ඉතිං අපිටම ඒවා හදාගන්න බැරිය.ඔන්න පහල දාලා තියෙනවා සාම්පල් ටිකක්.......

Monday, September 9, 2013

අයේෂ්ගේ ලිපි අංක 8 - තියෙන මොනිටරෙන් 3D බලමු.....!


3D මොනිටරයක් නැතුව තියෙන මොනිටරෙන් 3D බලමු.....!

         එක පාරටම ටොපික් එකට එන්නෙ නැතිව මල් මල් කොලූ පොඩියක් පම්පෝරියක් ගහන්න ඕන කියලා හිතුවා.අදට මේ බොලොක්කෙ පටන් අරන් මාසෙකට කිට්ටු වෙනවා,හරියටම කියනවනම් දවස් 29ක් වෙනවා.ඉතිං බොලේ කියන්න සතුටුයි මේ ටික කාලෙදී page views 700ත් පහුකලා.අනේ ඉතිං මේක ටිකක් ජනප්‍රියයි කියලා කියන්න තවත් කතා ඕනද?හිතේ තියෙන තංසෝසෙ කොච්චරක්ද කියනවනම් කොලුවා ඔන්න හැමෝටම බලන්න කියලා blog එකේ status පෙන්නන ෆොටෝ එකකුත් හැමෝටම පේන්න up කොලා.ඒක තමයි මේ පහල තියෙන්නේ........




ෆොටෝ එක පැහැදිලි නැත්නම් ඒක උඩට එක පාරක් කඩුවෙන් කෙටුවම හරි....



මේ ඔක්කොම කරන්න මට සෑහෙන්නම සප් එක දුන්නේ අයේෂ් කොල්ලා.ආයේ බොරු මොකටද අයේෂ් නැත්නම් මේක තාම පටන් ගත්ත තැනමයි.ඉත්ං අයේෂ්ට මං මෙතෙන්දි බදන් උම්ම එකකුත් දීලා තැන්කූ කියනවා හොදේ....(වැරදියට හිතීම තහනම්)

ඔන්න එහෙනම් අපි බලමු 3D මොනිටරයක් නැතුව තියෙන මොනිටරෙන් 3D බලන්නේ කොහොමද කියලා. 

Friday, September 6, 2013

අයේෂ්ගේ ලිපි අංක 7 - HD වීඩියෝ


HD වීඩියෝ තවත් සුපිරියට බලන්න ආසද?

High Definition Video එහෙම නැත්නම් හැමෝටම තේරෙන අපේ බාසා‍වේ විදියට HD වීඩියෝ තවත් මරුවට බලන්න පුලුවන් Soft එකක් අයේෂ් කොලුවා ගෙනත් ඕං.....