දියවැඩියා රෝගීන් හා ඔවුන්ගේ දෙපා
ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටක බෝ නොවන රෝග අතුරින් ඉහලම ස්ථානයක සිටින්නේ දියවැඩියාව නොහොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව හදුන්වන මධුමේහයයි.ලංකාවේ එම අනුපාතය 3ට 1 කි.එනම් සෑම මිනිසුන් තිදෙනෙකුම අතුරින් එක් පුද්ගලයකුට දියවැඩියාව වැළදී ඇත.මේ රෝගයේ විශේෂත්වය වන්නේ සෑදීමට වයස් භේදයක් නොමැති වීම හා පූර්ණ ලෙස සුවයක් ලබා ගැනීමට නොහැකි වීමයි.
යම් පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියමිත ප්‍රමාණයට වඩා ඉහල යාම දියවැඩියාව ලෙස සරලව හදුන්වනවා.මෙම රෝගය වැලදුනු අයගෙන් 50% ක් පමණ පෙර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ඉතිරි 50% අතර පහත සදහන් රෝග ලක්ෂණ දැකිය හැක..
1.දිනකට සාමාන්‍ය ප්‍රමානයකට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම
2.වැඩිපුර වතුර බීමට යොමුවීම (ඉහත කරුණු දෙක දවසේ ඕනෑම වෙලාවක වලංගු වේ)
3.කෙටි කලක් තුල ශරීරය කෙට්ටු වීම හා බර අඩුවීම
4.අධික ලෙස විඩාපත් බව හා එකදිගට යම් වැඩක් කිරීමේදී දැඩි තෙහෙට්ටු ගතියක් ඇතිවීම
5.ඉවසිලි මදිවීම හා යම් කෙටි කරුණක් නිසා දැඩි කේන්තියක් ඇතිවීම
6.ඇස් පෙනීම දුර්වල වීම
7.ආහාර රුචිය වැඩිවීම (පැණිරස අහර වලට වැඩි ප්‍රියත්වයක් දැක්වීම)
8.ලිංගික අප්‍රාණිකත්වය
9.තොල කට වියලී යාම සහ ශරීරයේ වියලි බව
10.සෑදෙන තුවාල සුව වීමට වැඩි කාලයක් ගතවීම
11.ඇස් වල ග්ලූකොමා තත්වයන් ඇතිවීම නිසා පෙනීමට බාධා ඇතිවීම
රුධිර පරීක්ෂණයක් මගින් දියවැඩියාව වැලදී ඇතිබව ඉතා නිවරදිව දැන ගත හැක.
දියවැඩියාව වැළදීමට බලපාන කරුණු හා වැළදීමේ හැකියාව වැඩි පුද්ගලයන්
1.තම පවුලේ පියාට හෝ මවට රෝගය වැළදී ඇති අයට මෙම රෝගය තමාට වැළදීමේ ඉතා වැඩි සම්භාවිතාවක් ඇත
2.අවුරුදු 35ට වැඩි පුදුගලයන්
3.ගර්භනී අවධියේ පසු වන කාන්තාවන්
4.මානසික ආතතියෙන් දිනපතා තම වැඩකටයුතු කරගෙන යන පුද්ගලයන්
5.තරබාරු අය සහ නිතර කෘතීම බීම වර්ග පානය කරන පුද්ගලයන්
6.සීනි,පිටි හා තෙල් පරිභෝජනය වැඩි පුද්ගලයන්
දියවැඩියා රෝගීන්ට නිර්දේශ කරන Metformin, Rosiglitazone, Sitagliptin ආදී
බෙහෙත් පෙති වර්ග වල පසු කාලීන සංකූලතා (after effects) බොහොමයක් ඇත.ඒවා අතර ප්‍රධාන වන්නේ වකුගඩු වලට ඇති කරන හානියයි.
දියවැඩියාවෙන් වැළකීමට නම්,
1.වෛද්‍ය උපදෙස් මත ආහාර පාළනය සිදු කිරීම
2.සතියට දින 3ක් 4ක් වත් ඇග වෙහෙසෙන ව්‍යායාම සිදුකිරීම (හැල්මේ දිවීම,බයිසිකල් පැදීම,පිහිනීම,....)
3.ආතතිය රෝගය වැළදීමට එක් ප්‍රධාන හේතුවක් බැවින් ආතතියෙන් වැළකීම
4.කෘතීම,පැණිරස ආහාර වලින් හැකි තාක් ඈත් වීම
5.ස්වාභාවික තන්තු ප්‍රමාණ වැඩි ආහාර,නැවුම් පළතුරු,පළා වර්ග ආහාරයට නිතිපතා එක් කිරීම
දියවැඩියාව නිසා ඇතිවන පසු සංකූලතා.....
අංශභාගය
රුධිර නාල තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීමත් අධි රුධිර පීඩනය වැළඳීමේ ප්‍රවනතාවත් වැඩි නිසා දියවැඩියා රෝගීන්ට අංශභාගය වැළඳීමේ ප්රවනතාව ද වැඩියි.
හෘදයාබාධ
හෘදය තුළ ඇති රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමත් අධි රුධිර පීඩනයට එරෙහිව හෘදය ක්‍රියාත්මක වීමත් නිසා හෘදය දුර්වල වීමද සිදුවෙනවා.
වකුගඩු අකර්මන්‍ය වීම
දියවැඩියාව නිසිලෙස පාලනය නොකළහොත් රුධිරයේ ඇති අධික ග්ලූකෝස් මුත්‍රා සමඟ පිට කිරිම සඳහා වැඩිපුර මුත්‍රා තැනීමට සිදුවෙනවා. මේ සඳහා වකුගඩුවලට වැඩි වෙහෙසක් ගැනීමට සිදුවීම නිසා වකුගඩු අකර්මන්‍ය වෙනවා.
අක්ෂි දුර්වල වීම
ඇසේ සුද ඇතිවීම, ඇසේ පීඩනය වැඩිවීම හෙවත් ග්ලූකෝමා ඇතිවීම, ඇසේ රුධිර නාල සහ ස්නායු දුර්වල වීම නිසා දෘෂ්ඨි විතානයට හානි පැමිණීමෙන් අන්ධභාවය ඇති වෙනවා.
පාදවල තුවාල
පාදවල ස්නායු දුර්වල වීම නිසා දැනුම් තේරුම් නොමැති වීම, රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ඉන් එහාට රුධිරය ගමන් නොකිරීම හේතුවෙන් තුවාල සුවවීම ප්‍රමාද වීම සහ රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ඉහළ යාම නිසා එම ස්ථානවල විෂබීජ සීඝ්රයෙන් වර්ධනය වීම හේතුවෙන් තුවාල සුවවීමේ ප්රවනතාව අඩුවෙනවා.
ලිංගාශ්‍රිතව ඇතිවන තත්ත්ව
මුත්‍රා සමඟ සීනි පිටවීම නිසා ලිංගික ප්‍රදේශයේ මුත්‍රා තැවරීම හේතුවෙන් ශිෂ්ණය සහ යෝනි ප්‍රදේශයේ කැන්ඩි ඩයිසීස් හෙවත් උල්ලෝගම් වැනි පුස් රෝග ඇතිවිය හැකියි.
අවග්ලූකෝසියාව
දියවැඩියා රෝගියෙක් වැරදීමකින් හෝ ඖෂධ වැඩිපුර ගතහොත් හෝ අධික ලෙස ව්‍යයාම කළ හොත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වී අව ග්ලූකෝසියාව හෙවත් හයි පෝග්ලයිසීමියාව ඇතිවෙනවා. එවන් අවස්ථාවකදී රෝගියාට දහඩිය දැමීම, අධික බඩගින්න සහ හෘදය වේගයෙන් ගැහෙන තත්ත්ව ඇතිවිය හැකියි. මෙහිදී ප්‍රතිකාර ලෙස සීනි, තේ හැදි 02ක් ලබාදීම, ග්ලූකෝස් තේ හැන්දක් හෝ චොකලට් කැබැල්ලක්, ටොෆියක් ලබා දීම කළ යුතුයි.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
සංවේදී අය පහත රූප බැලීමෙන් වලකින්න
දියවැඩියා රෝගීන්ගේ පාදවල තුවාල
ඉහත සදහන් පරිදී රුධිර නාළවල අහිතකර මේද තැන්පත් වීම නිසා රුධිර සැපයුමට බාධා ඇතිවේ,එම නිසා ශරීරයේ කොතනක හෝ ඇතිවන තුවාල (පාදවල විශේෂයෙන්) සුවවීමට ඉතා වැඩි කාලයක් ගතවේ,තවද ඉතා දැඩි විශබීජ වර්ධනය නිසා ඇතිවන සුලු තුවාලයකින් සමහර විට ඒ ශරීර අංගය කපා ඉවත්කිරීමට තරම් තත්වය බරපතල විය හැක.
පාදවල ඇතිවන තුවාල
කුඩා සීරීමකින් පටන් ගන්නා මෙවන් තුවාල දියවැඩියා රෝගීන්ගේ ජීවිතය සහමුලින්ම අඩාල කිරීමට පවා සමත්ය.වෛද්‍යවරු පවසන්නේ දියවැඩියා රෝගීන් තම දෙපා තමාගේ මුහුන මෙන් පවත්වා ගෙන යා යුතු බවයි.මේ සදහා,
1.නිතරම තම දෙපා පිරිසිදුව,වියළිව කබා ගැනීම
2.දිනපතාම තම දෙපා ඉතා හොදින් නිරීක්ෂණයට ලක් කිරීම
3.සුලු හෝ සීරුමක් ඇත්නම් නොපමාව අවශ්‍ය ප්‍රතිකාර ගැනීම
4.සෑම විටම දෙපා ආවරනය වන සේ සපත්තු පැළදීම(දෙපා හා සපත්තු අතර ඝර්ෂණය අවම කිරීමට මෘදු සම් පැඩින් වර්ග යෙදීම වඩාත් සුදුසු වේ)
5.දිනපතා පාද සදහා ව්‍යායාම කිරීම හා නින්දට යාමට පෙර උණු වතුරින් දෙපා සම්භාහනය කිරීම
පාදවල ඇතිවන තුවාල ගණන් නොගැනීමෙන්,
දියවැඩියාව නම් වූ නිහඩ මාරයාගෙන් වැළකීමට අද සිටම ඔබත් ඔබේ චර්යා රටාව වෙනස් කරගන්න.....
ඡායාරූප ගූගල් අනුසාරයෙන්.සමහර විස්තර දිනමිණ පත්‍රයකින්
AmmooOOO meka kiypuhma baya hithenwa bn. loweth check karganna one....
ReplyDelete-Kasun
ow bn,apit me kale hodata innawa.tawa kal yanna yanna apitat monawa wenawada kiyala kawuda danne.sudanam pita ewa kalata welawata chck karan hitiyama wede hari
Deletebayai bn :(
Delete-BVG
mokda me man danna adunana ayat ano ewit???sirawatama bayai bn.dekkama endenawa
Deleteඔව් මල්මල්.... දියවැඩියාව නිසා මගේ බිරිඳගේ මව සෑහෙන්න දුක් වින්දා. ඔය වගේම පාදයක් තුවාල වුනා.
ReplyDeleteඅපොයි දෙයියනේ....ඒක නම් නපුරු අත්දැකීමක්...තුවාලෙ තියන අම්මයි අනිත් අයයි සෑහෙන්න දුක් විදින්න ඇති ඒ හන්දා
Deleteඅම්මෝ අපෙ මාපිය යුවලටම ඔය ලෙඩේ තියෙනවා මලයා. තිස්පහ පැනපු ගමන් අවධානෙන් ඉන්න ඕන.
ReplyDeleteඔක්කොමත් හරි කෑම පාලනයයි, ව්යායාමයිනෙ බොල කරන්නම් බැරි හි… හි… :-D
අඩේ බොල අයියෙ එහෙනං උබත් පිස්සං වෙන්න ඕන සෑහෙන්න.හැදුනොත් සෑහෙන්න දුකක් විදින්න වෙන්නේ.ඒ ලෙඩේට කෑම හොයං යන්නමලු හිතෙන්නෙ,කට පරිස්සං කරන් ඉන්න එක තමයි ලෙඩේ හැදුනම කරන්න තියන අමාරුම වැඩේ.ඒ වගේම ඇගට හොදට දැනෙන්න ව්‍යායාම කරන්න ඕන.මං රිපෝට් වගයක් ගන්න සැරයක් මොනරාගල හොස්පිටල් එකේ ඇඩ්මිට් උනා.මගේ ඇදට එහා පැත්තෙ ඉදපු මල්ලිට අවුරුදු 17යි ඌට සීනි තිබ්බා තුන්සිය ගානකට,මේ කරුමෙ හැදෙන්න වයසක් ඕන නෑ.අදම ඉදං පරිස්සං වෙන්න අයියේ
Deleteසිරාවටම පරිස්සම් වෙන්න ඕන තමා බන්.
Deleteඔය ෆොටෝ ටික දැක්කමනම් ඔහොම වෙනවට වඩානම් මැරෙන එක හොදා කියලා හිතෙනවා.
සිරාවටම..නෙට් එකේ මීට වඩා කුජීත ඒවා තිබ්බා...ඒවා දැම්මනං කියවන කෙනාගෙ කෑම වේල ගැන හිතලා ටිකක් විතර සැර අඩු එව්වා තමයි දැම්මෙ
Deleteස්තුතියි මල් මල්.. මටත් හිතෙනවා සීනි පරික්සා කරන්න...
ReplyDeleteඅද රෑ කාලා නිදං පැය 12කට විතර පස්සෙ හෙටම ගිහින් චෙක් කරලා බලන්න දේශකතුමා.....
Deleteමන් චෙක් කොරලා දෙන්නද??
Deleteඔය තියෙන්නේ එළ අයිඩියා එකක්.ප්‍රියා චෙකප් සැන්ටර් කියලා මත් දාගමු :-P
Deleteමේක දැක්කම කස්ටිය සැලකිලිමත් වෙයි.. වටිනා ලිපියක්..
ReplyDeleteගොඩක් අය හිතන්නේ සීනි ආවහම මහත් වෙනව කියල... මෙතැන කියවෙන්නෙ කෙට්ටු වෙනව කියල..
මාත් හිතං හිටියෙ එහෙම තමයි.සීනි ආපු මුල්ම දවස් වල අම්බානෙකට බර අඩුවෙනවලු.ඇගේ බර එකපාරට අඩුවෙන එක ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන ඒ නිසා.ඒක පාරටම කෙට්ටු වෙලා වයසට යන්න යන්න තමයි මහත් වෙන්නෙ
Deleteගොඩක් කාලෙකට පස්සෙ ලිපියක් දලා ,වටිනවා අපේ වාසනාවට ද දන්නෙ නෑ අපේ පවුලේ කිසිම කෙනෙකුට ඔය ලෙඩෙ නෑ ....විශ්වාස කරන්න බැරි උනත් එක තමා ඇත්ත ,අඩු තරමේ ප්‍රෙශර වත් නෑ ....එ අතින් අපි වාසනාවන්තයි ,මම දැකලා තියෙනවා එ උනත් ඔය ලෙඩ නිසා දුක් විදින අය
ReplyDeleteකොච්චර වාසනාවක්ද සහෝ එහෙම පවුලක් ගැන අහන්න ලැබුනු එක ගැන.සෑහෙන්න වාසනාවන්තයි පවුලෙ අය.
Deleteහම්මා සෑහෙන දවසකින් ආවෙ. කොහෙද මගෙ බිල කපලනෙව සික් ඈ..
ReplyDeleteදියවැඩියාවවගේ ලෙඩ හැදෙන්නෙ අරපරිස්සං නොවෙන හිංද කියනෙක තමා මගෙ මගේ නං.අපි ආසාවන්ට වහල් නෙවී පුලුවං තරං පරිස්සං වෙන්න බලනවනං ඔය කිසිලෙඩක් නෑ මලේ..
අනිත් 1 තමා හුගක් අය නිසි විදියට බේත් වත් බොන්නෑනෙ ඉතිං ලෙඩ වැඩි වෙලා ගොඩ වෙනව
අපි දැන ගන්න ඕන අප් ගැන නැද්ද මං අහන්නෙ
සෑහෙන්න කාලෙකින් උනත් ආව එකම වටිනවා සහෝ...... ඒකනම් කටේ මසුරං දාන්න ඕන කතාව..ආසාවන්ට වහල් උනාම තමා මේ හැම මගුලක්ම හැදෙන්නෙ... දියවැඩියාවට හරියට බෙහෙත් ගන්නෙ නෑ කියන්නෙ ඉතිං වැඩිකාලයක් යන්න කලින් අනිච්ඡාවත සංකාරා තමයි.අපි ගැන,අපිට තියන ලෙඩ,දුර්වලතා ගැන දැනගන්න එක කෝකටත් හොදයිනෙ
ReplyDeleteහොද ලිපියක් මල්ලි ,අම්මෝ අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද නේ,
ReplyDeleteඔව් අපූ අක්කෙ සෑහෙන්න පරිස්සං වෙන්න ඕන...කෘතිම බීම ජාති වලින් තමයි සෑහෙන්න පරිස්සං වෙන්න ඕන.රිප්ලයි පරක්කු උනාට සමාවෙන්න ඕන මගේ බොලොක්කෙ මකුලු දැලුත් බැදිලා දැං වෙලාව නෑ අක්කෙ
Deleteගොඩක් වටින ලිපියක්, මම කොච්චර ලෙඩ්ඩු දැකලා තිබ්බත් දියවැඩියාව නිසා කොච්චර කකුල් වලට ප්‍රශ්න එනවද කියලා දැනගත්තේ බොහෝම කෙටි කාලයකට ඉස්සර, ඒ දියවැඩියා රෝගීන්ගේ කකුල් කපන ශල්‍යකර්ම වලට එකතු වෙන්න ලැබුනාම.. හැමොටම අවවාද කරනවා දියවැඩියව පාලනය කර ගන්න කියලා
ReplyDelete//දියවැඩියා රෝගීන්ගේ කකුල් කපන ශල්‍යකර්ම වලට එකතු වෙන්න ලැබුනාම.. //
Deleteඅපොයි එමෙනම් අත්දැකීම් සෑහෙන්න ඇති නේද?ගොඩක් අය මේවා ගැන දැන දැනත් පරිස්සං වෙන්නෙ නෑ..එයාලට ආයිමත් මතක් වෙන්නේ තුවාල සනීප වෙන්නෙ නැතිව කකුලක් එහෙම කපන්න ආවම
ඔව් ඔව් ටිකක් තියෙනවා. මමත් ඉඩ ලැබුන හැම වෙලේම දැනුවත් කිරීම කරන්න උත්සහ කරනවා
Deleteහොද ලිපියක්.....මල් මල්.......
ReplyDeleteඅම්මෝ අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද නේ,
සෑහෙන්න පරිස්සං වෙන්න ඕන....නැත්නම් දුක් විදින්නම වෙනවා....මේ පැත්තට ගොඩ වැදුනට ස්තුතියි ගෙම්බො......
Deleteගොඩක් වටිනා ලිපියක්.. ඔන්න අපිත් ගොඩ වැදුනා දිගටම ගොඩ වදින්න අවසර
ReplyDeletehttp://shaggiyagechinthanaya.blogspot.com/ ඇවිත් යන්න මේ පැත්තෙත්
දිගටම එන්න කිසි තහනමක් නෑ...හැමෝටම විවෘතයි.......ඉඩක් ලැබුනු ගමන් අනිවා ගොඩවදින්නම් ෂැගියෝ.........
Deleteමටත් මේ ලක්ෂණ ඔක්කොම (8 නැතුව හොදේ) තියනවා වගේ.check කරගන්න ඕනේ
ReplyDeleteඒක නෙවේ.ලිපි ලියද්දි ලිපියේ කොටසක් විතරක් පෙන්නලා ඉතිරි ටික click කරාම පෙන්නන විදිහට page ඒක brake කරලා ලිව්වොත් නරකද? එහෙම උනොත් ලස්සනට තියේවි.
මම"ජිවිතයට science" Blog එකෙන්
ආයුබෝවේවා කියලා මේ පැත්තට පිළිගන්නවා.....අදහස් දැක්වීමටත් තුති............ඊලග ලිපියේ මම එහෙම කරලා බලන්නම්කො........බල බල ඉන්නෙ නැතිව ඉක්මනටම පරීක්ෂා කරගන්න..... ඉඩක් ලැබුනම ඔය පැත්තට ගොඩවෙලා යන්න එන්නම්
Deleteඇයි මෙච්චර වටින බ්ලොග් එකක් මෙහෙම මඟ නතරකරල දාලා තියෙන්නෙ? මගේ තාත්තා දියවැඩියාවේ මූලික අවස්ථාවෙ ඉන්නෙ. එයාට මං මේ පිංතූර පෙන්නුවා. දැන් පරිස්සම් වෙයි. හොඳටම බය උනා. දිගටම මේ බ්ලොග් එක ලියාගෙන යන්න.
ReplyDeleteනෑ නෑ නතරකරලා නෑ....ආයිමත් එක දිගට ලියන්න ඕන.පහුගිය ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ (ඇත්තම කියනවනම් ඕනකමක් තිබුනේ නෑ)... තාත්තව පරිස්සං කරගන්න පුලුවන්තරම්.....බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට
Deleteමල් මමත් කීප පාරක් ම මේ පැත්තට ඇවිත් බැලුවා.. ඇයි දිගට ම ලියන්නැත්තේ.. හරිම වැදගත් අඩවියක්. අපේ බ්ලොග් සගයින් අතර මේ පැත්තට ලියන අය අඩුයි. ඉතින් දිගට ම ලියමු කියලා අපි ආරාධනා කරනවා......
ReplyDeleteඅපේ අඩවියෙනුත් ලින්කුවක් දුන්නා.. ලියන්න අප්ඩේට් වෙයි...
හිතේ තිබ්බ කම්මැලිකම තමයි ලොකුම හේතුව ලියන්න බැරි උන එකට.ඉක්මනටම ආයිමත් ලියන්න පටන් ගන්න ඕන..දිගටම මේ පැත්තට ගොඩවෙච්ච එකට මගේ ස්තුතිය......මාත් ගී පවුර මගේ බ්ලොග් රෝලේ එල්ලගත්තා
DeleteThanks and I have a nifty give: Can You Hire Someone To Renovate A House old house restoration
ReplyDelete