Thursday, June 26, 2014

නාමල්ගේ ලිපි අංක 11 - සිතින් පාසල් කාලයට ගියෙමි

 අඩෝ බ**... උබේ අම්මට.....!!


මාස ගානකින් මුකුත් ලියන්න බැරි උනා.හරියටම කියනවනං මාස හතරයි දවස් විසි හයකින්.හත්ඉලව්වේ.....ඒ කියන්නෙ මාස පහකිං විතර.....උනන්දුවක් තිබ්බෙ නැති එක තමයි සේරටම මුල,එහෙම නැතිව මං බිසී පොරක් කියලා පෙන්නන්න වේලාවක් තිබුනෙ නැතිව එහෙම නෙමෙයි.එක්සෑම් ලියලා යන්තං සතියක් නිවාඩු ලැබුනා(නොදෝකිං තව සතියක්වත් දුන්නනම් මක් වෙනවද?).පෙරේදා හවස බෙලිඅත්තෙ ඉදං මොනරාගල එන්න බස් එකට නගින්න බෙලිඅත්තෙ බස්ටෑං එකේ ඉන්න කොට අපිට ඕලෙවල් වලට ඉස්කෝලෙදි ගණිතය උගන්නපු දියොකුබදු සර්ව දැක්ක.දැං නම් දියොකුබදු සර්....ඒ කාලෙ විදියටනම් දියබ*** නැත්තං බද්*.සර් දැං වයසයි,හරි තෙහෙට්ටු වෙච්චි පෙනුමක් තිබ්බේ.ලොකු මල්ලක් අරන් දාඩිය පෙරාගෙන හනිකට තංගල්ලෙ බස් එකකට ගොඩඋනා.කතාකරන්න කියලා මං වාඩිවෙලා ඉදපු තැනින් නැගිටිද්දිම ඒ බස් එක ගියා.හිතේ කොනක මොකක්දෝ මන්දා අමුතු දුකක් දැනුනා බස් එක යනවා දැකලා.

ඒ එක්කම මට මොණරාගල බස් එක ආවා.යන්තං ශීසීට් එකකුත් හම්බුනා.මගේ හිතේ කොනක මොකක්දෝ මන්ද අමුතු දුකක් මට දැනෙනවා වගේ.ඒ කාලේ සර්ට හූ තියපු හැටි,සර්ගෙ මෑණියෝ ආදරෙන් මතක් කරපු හැටි මට චිත්තරපටියක් වගේ මතක් වෙන්න ගත්තා.
මේ ඉන්නෙ මගේ ආදරණීය වීරකැටිය පාසල් මව....

ඒ කාලෙ මං හිටියෙ නමය වසරේ,එතකොට දියෝකුබදු සර් තමයි අපේ ශ්‍රේණි භාරව ඉදියේ.ගිය ආත්මෙ කරපු කුජීත වැඩකටද මන්ද මට සර්ව පෙන්නන්න බෑ,සර්ට මාව පෙන්නන්නත් බෑ.ඒ මොකද කියනවනං බස් වලදි හූ තියලා,ෂර්ට් එකේ බට්න් ඇරං ඉදලා,ලොකු කොල්ලොත් එක්ක බජව් දාලා,පීරියඩ් කට් කරලා අහුවෙලා වගේ, අපිට සීනි බෝල ඒත් සර්ලට කක්කි බෝල ප්‍රශ්න නිසා....ඒ කාලෙ මං ඉගෙනගත්තෙ කඩ්ඩ මීඩියම් පංතියේ.හරි ශෝක් පංතිය,කිසි වළියකට ප්‍රශ්නෙකට ගෑවුනේවත් නැති පංතිය.පිරිමි ළමයි කියලා වෙනසක් නැතිව උනුත් ගෑං ළමයි වගේ හිටියා, ඔව් උන් ඇල් වතුරත් නිවලයි බිව්වේ.අපි කරන කියන හොර වැඩ මාට්ටු වෙන්නෙ නැතිව කරගෙන හැමදාම හොද ළමයි උනා.පංතියේ ළමයි විසි නමයයි ඉදියේ.මංතුමා හැමවාරෙම විසි අට.....කියන්න සතුටුයි නේ???  ඒ කාලේ හැමදේටම මාත් එක්ක හිටපු, පස්සේ කාලෙදි කි*** හන්ද වෙනස් වෙච්චි මටම හරියන එකෙකුත් ඉදියා....ඌ පංතියෛ් විසිනමවැනි තැන දිනං හිටියා.....ඔව් කියන්න සතුටුයි පංතියේ අවසානෙ ඉදං මුල්ම ස්ථාන දෙක අපි බොහොම ගෞරවෙන් රැකං හිටියා කාටවත් නොදී......

ඒකාලෙදී ඉස්කෝලෙ කොල්ලොන්ට පුදුම උණක් තිබුනා.ඒ තමයි ඉමිටේෂන් ගෝල්ඩ් පාට චේන් දාන එක.එහෙම චේං කෑල්ලක් දාලා ෂර්ට් එකේ උඩ බොත්තමත් ඇරං ඒ කාලේ මයිල් ගහක් බේතකටවත් හොයා ගන්න බැරි පපුව පෙන්නං යද්දි කොල්ලොන්ට හිතුනලු කෙල්ලෝ සෑහෙන්න බලයි කියලා....හූ හූ පව් නේ.....?? දැංනං මතක් වෙනකොටත් හද්ද නෝණ්ඩිය....ඒත් ඉතිං මක් කොරන්නයැ විසේ බේරෙන,පැණි බේරෙන වෙරලු මල් සුවද හමන කොලු කාලෙනේ...

ඔන්න ඉතිං මං තුමාටත් අර උඩ කිව්ව උණ වැළදුනා..හරියන්නෙ නෑ..ගියා හංදියෙ කඩේ ගාවට...ගත්ත කඩි බිත්තර පැකට් දෙකක්.කඩි බිත්තර ගැන නොදන්නා පිංවතුනි.....කඩි බිත්තර යනු පාට කළ පැණි රස හූනු බෙටි වේ.... චී...යාාා නේද? ඒකාලේ කඩි බිත්තර පැකට් එකකට අනං මනං පොඩි පොඩි අයිටම් හම්බුනාහුය...(වියාකරණ හරිද මංදා).මංතුමා ගත්තේ ඉමිටේෂන් ගෝල්ඩ් කලර් මාල ඇති පැකට් දෙකකි.දෙකක් ගත්තේ එකක දිග බෙල්ලට දා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවුනු නිසාය.ගෙදර එන ගමන් හූනූ බෙටි වල සස බලා ගෙදර ආ විගස අඩුවකුත් ගෙන මාල දෙක මූට්ටු කර තනි මාලයක් කිරීමේ මහා මෙහෙයුමද සිදුකළෙමි.

ඊළග දවසේ මහත් බලාපොරොත්තු සහිතව මාලය සුරැකිව සාක්කුවේ දමා ලොකු කොල්ලන්ගෙන් වස්තුව රැකගෙන පාසලට ආමී.අපේ පන්තියට පැමිණ මාලය බෙල්ලෙ එල්ලා ගෙන උඩ බොත්තමද ගලවා වීරයකු සේ රැගීමට පටන් ගතිමි.(උඩ බොත්තමද නැත්නම් බොත්තං දෙක තුනද කියා මට දැං මතක නැත).දාඩිය නැතත් දාඩිය දානවා සේ පෙනෙන්න මාලයට බොරුවට පිඹ පිඹ දැමූ රැගුම් ගැන දැංනං විලි ලැජ්ජාවේ තංතෝතෙ බැරිය.පීරියඩ් කට් කර පංතියෙන් එළියට විත් රැගුම් දමන අතරේ බද්දාට හදිසියේම මා මුලච්චි විය.

ඔය ළමයා මෙහෙ එන්න.දැං මොනවද තියෙන්නෙ?
මුකුත් නෑ සර්.මේ මේ වතුර ටිකක් බොන්න ආවා......
මොකෝ අනිත් පැත්ත හැරිලා?බොත්තම ගළවගෙනද ඉන්නෙ??
(ඒ දවස් වල උඩ බොත්තම ගලවං සිටීම යනු දඩුවං ලැබිය හැකි වරදකි)
නෑ නෑ සර් මේ මේ මගේ බොත්තම ගැළවිලා.ඔව් සර් ගැළවිලා ඔව් ඔව්  
කෝ බලන්න....යකෝ මූ මාලෙකුත් දාං ඇවිල්නේ...කොහේද මගුලකවත් යන්නද?ඔය බොත්තම කැඩිලද බොල.... (ටෝං......සෑර් තුමා විසිං මංතුමාගේ කන ඉතා ආදරයෙන් අතගාන ලදී)පොඩි උන්ගේ පංතියක් ඉදිරියේ නිසා ලැජ්ජාව බාල්දියෙන් එකකි. 
සෑර්ගේ මෑණියං ආදරෙං මතක් කරන එක ඇර වෙන මං මක් කරන්නද??(ඒ වෙලාවේ හිතිං කිව්ව ඒක වෙන්න ඕන උඩම තියෙන්නෙ)
නෑ සර් මේ හවස මගුල් ගෙදරක යන්න කියලා අම්ම ඕක උදේ දැම්මෙ සර් කරට.මගේ මාලෙ රත්තරං සර්....(වටිනාකම වැඩිවීම හා අම්මා යන වචනය හේතුවෙන් මාලය ආපසු මට දේ යැයි බලාපොරොත්තුවෙන් මං ඒ මහා කෙබ්බය ඇත්තක් ලෙස දෙසා බෑවෙමි) 
හා රත්තරංද?ගලවපිය ඕක.හෙට උදේ අම්මත් එක්ක වර මං මාලෙ දෙන්න.....(සෑර්තුමා විසින්ම බොරු රත්තරං මාලය ගලවා එතුමාගේ සාක්කුවට දා ගනී)
අනේ එහෙම කරන්න එපා සර්...තවත් නෑ...අනේ සර්....
නෑ නෑ මං ප්‍රිංසිපල් සර් ලගට එක්ක යන්නද නැත්තං හෙට ගෙදරිං එක්කං එනවද?
නෑ නෑ සර් මං අම්ම එක්කං එන්නං..(ඒ කාලයේ පිනා ළගට යාම යනු විහින්ම ඇරගැනීමක් හා ගුටි ලෝකයකි)

එදා දවසේ ඉතිරි ටික කෙසේ ගෙවුනිදැයි මට මතක නැත.මතක ඇති කාලෙකට මගේ මව්තුමිය මගේ වැඩකට පාසලේ පස් පාගා නැත.මං මට වෙන පජාත වැඩ ගෙදරට කියන්නේද නැත.මංද, මංතුමා ගෙදරට හරි හොද ළමයකු නිසාය.

ඊළග දවස උදා උනි.බද්දාට මාට්ටු නොවී දවස ගෙවීම මගේ පරම උත්සාහය විය.පීරියඩ් කට් කර ඇවිද ඇවිද හිටියොත් බද්දා කෙසේ හෝ මා අල්ලගනී.එනිසා මහත් වෑයමෙන් උදේ සිට පංතියේ සිටීමට ඉටා ගතිමි.මට මතක හැටියට ඒ වෙලාවේ පංතියේ හිටියේ අංක එක හොරා අංක දෙක හොරා ආදී ලෙස අපව හංවඩු ගැස්වූ ආදරණීය පියා....පියසිරි සර් හැර වෙන කවරහුද? 

කෙළාහුටා.......!!!, 

මෙන්න බද්දා අපේ පංතියේ...සර් මං මෙන්න මේ ළමයා පොඩ්ඩක් ගනනවා... 
මගේ දිහාට ඇගිල්ල දිගු කර බද්දාතුමා පැවසීය..මුලු පංතියෙම ඇස් මගේ දිහාවටය....මරන්න ගෙනියන හරකකු සේ බොහොම අමාරුවෙන් මා නැගිට්ටෙමි.නැගිට පංතියෙන් එළියට ආමි..ටික දුරක් ගිය පසු බද්දා මගේ දිහාට හැරුණි.... ඩෝං බඩෝං දඩ බඩාං......අලි වෙඩි රැළක් මගේ කන් අසල පත්තු වෙනවා මෙන් දැනුනි... ඉස්සරහට පස්සට දෙපැත්තට මා විසි වෙනවා ළාවට මතක ඇත...සර් මා හට කරුණාව දක්වා ඇත....(නැවත වරක් මට හිතෙන දේ කියවීමට උඩටම ගොස් මාතෘකාව බලන්න....)
සර් සාක්කුවට අත දමා මොකක්දෝ කලු දංවැල් කෑලි දෙකක් එලියට ගන්නා ලදී...මේ මොකක්ද බොල මේ....??
මෙන්න උබේ රත්තරං මාලෙ...අරං ගිහිං තොගෙ අම්මට දීපිය...
හැක් හැක්....හැක්......!! මගේ සත්තලං මාලය.....එය සර්ගෙන් අතට ගනිද්දී රත්තරං පාට කුඩු වගයක් මගේ අතේ තැවරුනි.මගේ දාඩියට හා සර්ගේ සාක්කුවේ තිබූ දේ වලට ඇතිල්ලී මාලයේ රත්තරං පාට මැකී ගොස් කලු පාට දංවැල් දෙකක් මතුවී ඇත...ඒ විතරක්නම් මදැයි....මං බොහොම අමාරුවෙන් සෑදු පූට්ටුවද ගැලවී ගොසිනි...හී හී.......අන්න එහෙමයි එක දංවැල දංවැල් දෙකක් වෙලා තියෙන්නෙ.......
නැවත වරක් ඩෝං ඩෝං.....මගේ පිටකොන්ද ආදරයෙන් අතගානවා මට දැනුනි.... 
දැං පළයං පංතියට...
(හා හොදයි හු#$%^ කොල්ලෝ....මං හිතිං)  

කතාවක් එසේ අවසන් විය.දහය වසරෙදි හා එකොළහ වසරෙදි ගණිතය ඉගැන්වීමට සිටියේද බදු සර්ය....ඇත්තටම මං එම කාලයේදී ඉතා විනීත,කීකරු සිස්සයකු බවට පත්විය....කොටින්ම කිව්වොත් සිස්ස නායකයකු බවටද පත්විය.රිසාල්ට් ඇවිත් මා දියෝකුබදු සර් හමුවමට ගොස්, සර් මට ඒ එකක් තියනවා කී විට ඔහු සතුටින් මගේ අත මිරිකා ටික වෙලාවක් නිහඩව සිට පිටට තට්ටු දමමින් මං ඕක දැනං හිටියා යැයි කියූ හැටි මට හොදින් මතක ඇත.....

ඇත්තටම ඒ කාලයේ ගුරුවරු ගුටි ගසා හෝ අපිව මෙහෙම තැනකට ගෙනාපු එක ගැන මතක්වෙද්දි දැන්නම් මාර සතුටක් ඇත.නැත්නම් අද අපි මේ ඉන්නා තැනකවත් නැත.ඒ කාලේ මේ කුණුහරුපෙන් බැනපු කටවල් වලින්ම දැං හොද කියන්නෙ ගුරු වෘත්තියෙ තියන සාධු බලෙන් වෙන්න ඕන.ප්‍රයිමරියෙ ඉදං වලි වලට ගිහිං එකෙක්ගෙ බිජ්** පයින් ගහපු එකකට මගේ ඔලුව බිත්තියෙ හප්පලා මාව කබඩ් එකක දාල වහපු කරුණාරත්න ප්‍රින්සිපල් සර් වගේම (එතුමා සාමදානයේ සැතපෙන්න ඕන.අන්න සර්ලා) මට ගුටි බැට දීලා,අවවාද දීලා මාව හොද මගට ගත්තු ගුරුඋතුමන් හැමෝම නීරෝගීව,නිදුකින්, ඉන්න තැනක සැපෙන් සතුටින් ඉන්න ඕන කියලා මං මගේ හිත පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා.....
ඇත්තටම මට ආයිත් ඒ කාලෙට යන්න ඇත්නං...ආයිමත් ඒ වගේ පඩත්තර වැඩ කරන්න තියනවනං..............!!!

 

 ඉස්කෝලේ කාලෙදී ඇම්ඩා වැඩ කරපු එවුන්ට සෑහෙන්න රස,ලස්සන අතීතයක් තියනවා.එහෙම කරපු උන්...ඒ වගේම ඉස්කෝලෙ කාලෙ පීරියඩ් එකක්වත් කට් කරලා නැතිව රෙකෝඩ් තියලා ඉන්න උන් ටිකක් හරි ආයිමත් ඒ ලස්සන අතීතෙට ගියා නේද........................????

26 comments:

  1. සොඳුරු පාසැල් මතක අතරට ඔබ මාව රැගෙන ගියා.

    ඔය හූනු බෙටි පැකට් එකේ ඒ ඇටයක් කටේ දාගෙන සූප්පු කරනකොට අන්තිමට මතුවෙන සූදුරු ඇටේ පට්ට ගති නේද?

    ReplyDelete
    Replies
    1. ගතිදත් අහනවා.....සෑහෙන්න කාලෙකින් කන්න බැරි උනා.දැං නම් ඕවා තියනවද දන්නෙත් නෑ.ඉස්සර ලොකු පැකට් එකක්ම රුපියල් 5යි

      Delete
  2. කතාව නම් පට්ට මල්.......................

    අපිත් පැසන් දාලා ඇදුම් එහෙම ඇන්දා මතකයි. ඒ කාලේ කලිසම ඇන්දේ ඇගට ෆිට් වෙන්නනේ. මමත් මහගත්තා කලිසම් දෙකක් ඔය විදිහට ම හිරට.............. අපේ ගෙදර තිබුණේ මූණ පේන කණ්ණාඩියක් විතරයි. මං දවසක් ඉස්කෝලේ කණ්ණාඩියකින් බලද්දි තමයි දැක්කේ ඒ කලිසම කොච්චර හිරද කියනවානම් ඒකට ඇතුළේ තිබුණ දේවලුත් එළියේ තියෙනවා වගේ ඒකෙන් බේරිලා පේනවා.....

    අපේ මැඩම් කෙනෙක් කියනවා මං අහගෙන මේ ළමයි ඉක්මනට ලොකු වෙන හින්දද කොහෙද ඇදුම් මෙච්චර හිර කියලා. ඒත් ඉතින් සිද්ධිය දන්නේ අපිනේ.... මැඩම්ලා රැවටුනාට අපිට සිස්ස නායකයන්ගෙන් නම් ගැලවීමක් තිබුණේ නෑ. උන් අපිව අල්ලගන්නවා. තරහා වෙන්න එපා මල් මට ඔය සිස්ස නායකයෝ පේන්න බෑ.. උන් හිතාගෙන ඉන්නේ ඉස්කෝලේ උන්ගේ කියලා...........................

    මල් වගේ අහිංසක සිස්ස නායකයන්ට නෙමෙයි කිව්වේ හරිය.......

    ReplyDelete
    Replies
    1. මටත් පෙන්නන්න බෑ ඕකුංව.මං බැජ් එක ගලවලා සාක්කුවේ දාං හැම බයිලාවක්ම කෙරුවා.දවසක් අහු උනා...සති දෙකකටද කොහේද බැජ් එක නැතිව ඉන්න උනා.අයියෝ...මැඩම්....... කලිසං කෙරුවාව මාත් තොලා....මගේ වාටියත් කැපුවා උඩ ඉදං පහළට,ගෙදර යනකං යංතං යතුරුකටු දෙකකින් ශේප් උනා......9 වසරෙදි මාත් ඔයිං නායකයෙක්ට සයිස් කරලා ගුටි කාලත් තියනවා

      Delete
  3. ෆට්ටයි මචන්. මටත් ආයෙත් ස්කෝලේ කරපු පිස්සු වැඩ මතක් උනා බන්.
    ඒ කාලේ මොන තරම් ෆන් ද කියල දැන් තමා හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. සිරාවටම බං....අපිට තවත් ඒ වගේ ෆන් ගන්න බැරි එක ගැන නම් මාරම දුකයි නේද?

      Delete
  4. හනෙ හප්පේ බං. මදෑ මාස පහක් නිවාඩු ගත්තා දැන්නම් දිගටම ලියමු.

    පාසල් කාලෙට ආයෙම ගියා වගේ දැනුනා බං. අපි නම් පිස්සු නටන තරමක් නැටුවෙ A/L කාලෙ. මටත් හිටියා පේන්න බැරි ටීචර්ලා දෙන්නෙක් විතර.

    //ඉස්කෝලෙ කාලෙ පීරියඩ් එකක්වත් කට් කරලා නැතිව රෙකෝඩ් තියලා ඉන්න උන්// ඔහොම උන් ඉන්නවද බං.?? මම නම් හිතන් නැහැ. :D

    ReplyDelete
    Replies
    1. A/L කාලේ මං පොලොන්නරු ගියා අයියේ....එහෙම උනාම මං නිකං උඩින් පාත් වෙච්ච එකා වගේ හන්දා කලිං තරන් පිස්සු නැටන්න ගියේ නෑ.....
      දැංනම් ලියන්න ආයිමත් උනන්දුව ඇතිවෙලයි තියෙන්නේ.මේක නිකං ජොයින්ට් ගහනවා වගේ වැඩක්...අදින්න අදින්න තව ආසයි...ආතල්....
      මාත් හිතුවේ පීරියඩ් කඩ් කරපු නැති උන් නෑ කියලා....ඒත් මට එහෙම එකෙක් හම්බුනානේ.ඌමයි කිව්වේ...මටත් ඒ වෙලාවේ මාරම පුදුමයි....

      Delete
  5. අඩෝ කොහෙද බන් ගිහින් හිටියේ ,ලියපන් බන් අයේත් එක දිගට ,පොඩි දෙයක් හරි කමක් නෑ ...දැන් නිවාඩු ගත්තා ඇති බන් ...
    ඉස්කොලේ කියන්නෙ පිස්සි ලොකයක් එහෙම වැඩ තමයි පොඩි නයෙක් හරි අරින්න ඉතුරු වෙන්නෙ අනික් එවා කොළ ගොඩක් විතර ද මන්දා හැක් ...එහෙම නැතුව බතල ගෝනි වගේ හිටපු උන්ට මොනවා කියන්න ද මන්දා ඉස්කොලෙ කාලේ ගැන ...

    ReplyDelete
    Replies
    1. මං හෙන බිසී ෆොරක්නේ මෙයා....සෝ නෝ ටයිම්....හැක් හැක්....... කම්මැලිකම බං ඔක්කොටම මුල....දැංනං ආයිමත් එක දිගට ලියන්න තදින්ම හිතාගත්තා...........
      සිරාවටම බං.....උං වයසට ගිහිං මොනවා මතක් කරන්නද මන්දා?මගේ 9 වසරෙදි පොතක් අහුඋනා අවුරුද්දට ගෙදර ගියාම...උගන්නපුව හැම විශේකින්ම වගේ ඒකේ තියනවා..අපේ ගෙදර මනුස්සයොන්ට ඕක පේන්නෙ නැති වෙන්න මං අස්සක ගහලා ආවා....හී හී................

      Delete
  6. අපි නම් රෙකෝඩ් තියලා තියෙන්නේ එක පීසිරඩ් එකකටවත් පන්තියේ නොයිද වෙන්න ඇති මගේ හිතේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ලොවෙත් ඉස්කෝලෙ කාලේ ගැන මතක් කරන්න දේවල් තියන එළ කොල්ලෙක්..........මේ පැත්තට ගොඩවැදුනට මෙන්න මගෙන් මල් මිටක්.........***

      Delete
  7. අයියෝ බං බස් වල සීට් තියේන්නේ.. ශීට් නෑ.. (They are seats not sheets)

    ReplyDelete
    Replies
    1. උම්මා......තෑන්ක්ස් දේශකතුමා.....මං ඔන්න ඒ වැරුද්ද අද හදාගන්නම්කෝ......අපි ඉතිං ගමේ ඉක්කෝල වලට ගිය පොඩි කොල්ලොනෙ ඉතිං.....ඔයින් වැරදුනා ඇති.....

      Delete
  8. පාසල් මතකය ගුරු වරුණ මේ සේරම එක සේ සිතුවම් පෙළක් සේ මනසේ ඇඳී ගියා මල් මල්. මෙන්න මේ ලිංකුවත් කියවලම බලන්නකෝ මෙන්න මගේ පාසල් අතීත කතාව මෙතැනින් කියවන්න

    ReplyDelete
    Replies
    1. මං ගිහින් කියවලා බැලුවා අයියේ....මං ඒ පෝස්ට් එක කලින් කියවලා තිබුනෙ නෑ.සිරිල් සර් වගේ උත්තමයොන්ට නීරෝගී සැප අත්වෙන්නම ඕන......!!! ආයමත් කොටකලිසමක් ගහන් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා ආයි අයිත් හිතුනා...

      Delete
  9. අතීතෙට ගියාදත් අහනෝ ඉතිං ....

    හ්ම්...මතක් වීගෙන වීගෙන ගියා....හදිස්සියෙවත් සර් කෙනෙක් මිස් කෙනෙක් එක්ක කතාකරගන්න බැරි උනොත් මටත් හෙන අප්සැට් ....

    ReplyDelete
    Replies
    1. මට මේ තාමත් අස්පට්........ආයිමත් සමහර විට අපේ ජීවිත කාලෙදිම ඒ උත්තමයෝ පණපිටින් තියා මැරුණමවත් දැකගන්න පුලුවන් වෙයිද කියලා හිතෙනකොට පට්ට දුකක් දැනෙන්නෙ................

      Delete
  10. Replies
    1. අම්බෝ.....සසියෝ..... ඔව් බං පැණි බේරෙන කාලේ නේ..........???ආයිමත් ඒ කාලෙට යන්න ඇත්නං නේද???

      Delete
  11. අම්මට සිරි සෑහෙන්න කාලෙකින් .උබ කිව්වා හරි පොස්ට් එක කියවන අතරේ හිත ඉස්කෝලේ කාලෙට ගියා.අපේ පන්තියේ ගැනු වගේ හිටිය කිව්ව එකට නම් අව්ල් හොදේ.එල එල දිගටම ලියපන් :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතිං පංතියේ එකට උන්නු එවුනුත් මේක පටලවන්නෙ.....

      //පිරිමි ළමයි කියලා වෙනසක් නැතිව උනුත් ගෑං ළමයි වගේ හිටියා, ඔව් උන් ඇල් වතුරත් නිවලයි බිව්වේ.අපි කරන කියන හොර වැඩ මාට්ටු වෙන්නෙ නැතිව කරගෙන හැමදාම හොද ළමයි උනා.//

      මං මෙහෙමයි දාලා තියෙන්නෙ.....//අපි කරන කියන හොර වැඩ මාට්ටු වෙන්නෙ නැතිව කරගෙන හැමදාම හොද ළමයි උනා// හොද ළමයි ගෑණු ළමයිනෙ බං අහු වෙන්නැතිව හොර වැඩ කරපු...

      උබට කවුරු නැතත් පියා සෑර් නම් අමතක වෙන්නෙ නැති බව මට සෑහෙන්න ශුවර්....බොරුද??

      Delete
  12. අඩෝ මතක නැද්ද මෙලන් කියල එකෙක් හිටියා වලිවලට ගිහින් ලෝක ලෙඩ දාගන්න එකෙක් අපි කෙල්ලො වගේ හිටියා කියලනම් කියන්න බෑ හොදේ අපි සයිලන්ට් උනේ ඔලෙවල් කාලේ නැද්ද ගයාන්, එත් මමනම් එත් සයිලන්ට් උනේ නෑ , අපි කඩ්ඩ පන්තියෙ උනාට 9දි අම්බානෙක චාටර්(මගේ පරන කෙල්ලගේ වචනේ මතකනෙ) උනා. පිස්සුම තමයි එ කලේ කරේ, අපි හැමදාම බජව්දාල බැනුම් අහනවා, පන්තියේ කොච්චරවත් කෑගගහ විකාර වැඩමයි කරේ, මගේ ජීවිතේ සුන්දරම කාලයක් 9වසර කියන්නේ, මේව කියවනකොට අයෙත් අතීතෙට යනවා, එල එල තව මේ වගේ කතා ලියපන්, තව ගොඩක් කතා ලියන්න පුලුවන් අපේ පාසල් ජීවිතේ ගැන, පට්ටයි!

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං ලෙමන් මෙලනුත් ටපලං.මං ඔන්න ඒ මගුල අයින් කරනවා හොදේ.තව හොද ඒවතෙියනවා දාන්න....ඒත් ඉතිං සමහර ඒවා දාන්නත් බෑ කොල්ලෝ තරහ වෙනවනේ.අනික ඔව්වා දාලා පරන කේස් වලට පොලීසිය මගෙ පස්සෙ පැන්නුවොත් එහෙම.ඕව්ව ඇවිල්ල පිනාගෙ කාර් එකේ රෑට ඇවිත් හුලං බස්සපුවා වගේද?නඩු හබ වැටෙන්නත් පුලුවන් මොකෝ මෙව්වා ලිඛිත සාක්ෂිනෙ......

      මට මතක් වෙනවා කොල්ලෙක් ලියුම් ලියූ හැටි........
      පර්ස් එකේ හංගන්.... සැමටම හොරෙක් වගේ......
      දෙන්න මට ඒ ආදරේ... මගේ සුදු චාටර්.....
      කොල්ලෙක් ගැයුවා.... මතකයි එදා........

      සිරාවටම බං...මාත් ආසම ආයිමත් 9 වසරෙ ඉදං ඉක්කෝලෙ නන්න තියෙනවනම්..කරුණාඅම්මාන්ගෙන් අම්බානෙකට බැනුම් ඇහුවා උබට මතකද?

      Delete
  13. ආයෙම ඉස්කෝලෙ යන්න තියේනං තියෙන ඕනෑම දෙයක් දෙන්න බැරුවයැ.හපොයි එහෙමත් කාලයක්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ හැලප කඩේ......................මේ පැත්තට දිගටම ගොඩවදින්න....ආවට ස්තුතියි................

      Delete

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............