හොරෙන් තැඹිලි කැඩීම.
නිකං ඉන්න වෙලාවට හැමෝටම වගේ තමන් ඉස්කෝලෙ යන කාලෙ කරපු කියපු පිස්සු හුටං වැඩ මතක් වෙනවානේ.ඔන්න ඉතිං මටත් ඔය වගේ නිකං ඉන්නකොට මතක් වෙච්චි දෙයක් තමයි මේක.මතක් වෙලා හිනා ගියත් එක්ක.ඒ කාලේ කොච්චරනම් සුන්දරද? අපි හැමෝටම ආයිමත් ඒ කාලෙට යන්න තිබුණනම් කියලා කොච්චර නම් හිතිලා ඇතිද?
මේක උනේ මම උ/පෙ කරන්න පොලොන්නරු ගියපු කාලේ.2008 සා/පෙ පාස්වෙලා 2009 තමයි එහේ ගියේ.මට මතක හැටියට මේක උනේ 2010 මුල් කාලේ.ඒ වෙනකොට උ/පෙළ කණ්ඩායම් ව්‍යාපෘතිය කරන්න කස්ටිය සෙට් වෙලා ඉන්න කාලේ.අහිංසක මාවත් වැටුනේ නැතෑ මෙන්න මුන් එක්ක එක කණ්ඩායමකට කුෂාන්(කුක්කා),නිරන්ජන්(ඇන්ටා) තවත් දෙතුන් දෙනෙක් හිටියා,ඒත් මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ උඩ ඉන්න දෙන්න විතරයි.මුලු ඉස්කෝලෙම හිටපු විනීතම ශිෂ්‍යයා නැත්නම් රෝයල් එකේ හෙඩා කිව්වම ඈත තිබුන බාලිකා ඉස්කෝලෙ අයත් කුක්කා ගැන දන්නවා.ඒ වගේම මොන්ටිසෝරි ගැන කතාකරන කොට ඇන්ටගේ නමත් මුලින්ම කියවෙනවා.කොහේ හිටියත් එක මල්ලෙ පොල් එක තැනට සෙට් වෙනවා වගේ මමත් උන් එක්ක එකතු උනා.
අපි ටිකගේ ගෙවල් තිබුනේ කොහොමහරි ඉස්කෝලෙට කිට්ටුවෙන්.අපි project එක කරන්න දාගත්තේ ඉස්කෝලෙ බුදු ගෙයි ඉස්සරහා තණකොළ එහෙම සුද්ධ කරලා එතන ලස්සනට හදන එක.එතන අමුතුවෙන් හදන්න දෙයක් තිබුනේ නෑ,ඒත් ඉතිං එතන වල් වැදිල කියලා project එකේ දාන්න ඕන හන්දා දවසක් කට්ටියත් එක්ක හවස් වරුවක ගිහින් ඒ හරියෙ ලග තිබුන කුණු ගොඩකින් කුණු අරන් ඒ ටික තැන තැන විසුරවලා දාලා මේ තැන තිබුනේ මෙහෙමයි කියලා ෆොටෝ ටිකක් ගත්තා.ඇයි ඉතිං අපි මෙතන කුණු දාලා අපිම ෆොටෝ ගත්තා කියලා ෆොටෝ එකේ වදින එකක්යැ.ෆොටෝ ටික අරන් කට්ටිය පොඩි චැටක් දාලා ආයි හෙටත් එමු කියලා විසිරුනා.
ඔන්න ඊලග දවසෙ උදේ ඉස්කෝලෙදි කට්ටිය සෙට් උනා.කලින් කියන්න බැරි උනානේ ඉස්කෝලෙ ඉස්සරහින් පරාක්‍රම සමූද්රෙන් පටන් ගන්න ඇළක් තියෙනවා,ඒකෙ වතුර ඒ දවස් වල ඇරල තිබුනේ.ඉතිං හවස project කරන්න ඇවිත් ඕකෙ පැනලා නාන්න කතාවුනා.මරු අදහස හන්ද කට්ටිය උඩින්ම කැමති වුණා.
ඔන්න දැන් තමයි රසම ටික.අපේ කට්ටියට නාන්න යන්න කියලා අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕන නෑනේ.ඇදන් ආපු කලිසම් වලට යටින් තියන ඇදුම හොදටම ඇති ඔය කර්තව්‍යට.(දැන් සමහරු හිතනවා ඇති යකෝ මුං උපන් ඇදුමෙන්ද නාන්නෙ කියලා,නෑ නෑ යටින් තියන ඇදුම කිව්වෙ අතීත කාලේ ඉදං පැවත එන අමුඩෙ modify කරපු එක.ඔය කොල්ලො ජො_ කියන්නෙ).
බුදු මැදුර ඉස්සරහම තියනවා රන් තැඹිලි ගහක්,ආසාවෙ බෑ තැඹිළි පාටට දිළිසෙනවා වල්ලක් :-D .ඔන්න නාන්න හිටපු උන් ටිකට තැඹිලි බොන්න දොල දුකක් පහල උනේ නැතෑ.කට්ටිය උඩ බලනවා එක එකාගේ මූනු දිහා බලනවා.කට්ටියට තැඹිලි බොන්න ඕන ඒත් උන් පොල් ගස් නගින්න දන්නෙ නෑ.මම ඉතිං ගමේ මිනිහනේ,දැන් ටිකක් මහතට ඉන්න නිසා බැරි උනාට ඒ කාලේ මට පොල් ගහකට යන්තන් නැග ගන්න දස්සතාවක් තිබ්බා.තොපි ගෑණු ගහකටවත් නැගගන්න බෑ කියලා හොද සුද්ධ සිංහල වචනෙකුත් කියලා හා මේක අල්ල ගනින් කියලා මම උඩට ඇදන් හිටපු කලිසමයි ෂර්ට් එකයි ගලවල ජො_ පිටින් ගහට නගින්න ගත්ත.අම්මටහුඩු බෙලිඅත්තයට ගස් නගින්නත් පුලුවන් කියලා පහල හිටපු උන්ගෙන් මට සෑහෙන්න අප් එකක් ආවා.දැන් ඉතිං මම ගහ උඩ...................
ඔන්න දැන් තමයි මට පදිරි පජාතම ජරා වැඩේ උනේ.රෝයල් එක කියන්නෙ ක්‍රීඩා පාසලක්.හැමදාම හවසට ඒකෙ ඉන්න උන් සර් එක්ක දුවනවා.දැන් මං ගහ උඩ.මට දැන් පේනවා සරුයි ළමයි ටිකයි මේ පැත්තට එනවා කියලා.දැන් මට බැහැගන්නත් වෙලාවක් නෑ.වෙන දෙයක් වෙච්චි දෙන් කියලා මම ගහේ උඩටම නැග්ගා.දැන් පහළ උන්ගෙන් කිසි සද්දයක් නෑ.උන් ටික මගේ ඇදුම් ටිකත් හංගලා සෑහෙන්න මහන්සියෙන් වගේ ගස්වල වැටිලා තියෙන කොළ අහුලනවා.දැන් සරුයි ළමයි ටිකයි ඔය දාල තියන ෆොටෝ එකේ බස් එක නවත්තලා තියන හරියට ඇවිත් exercise කරන්න ගත්තා.මම යන්තන් ඔලුව දාලා බැලුවා.අනේ දෙයියනේ ගෑණු ළමයිනුත් ඉන්නවා.විලි ලැජ්ජාවෙ තන්තෝසෙ බෑ.දැන් විනාඩි දහයක් විතර ඔතන නැවෙනවයි දිග ඇරෙනවයි එක විකාරයයි.ඒ ටික වෙලාවෙදි මම සර්ගෙ පවුලෙ උදවිය ඔක්කොම ඇති වෙන්න මතක් කලා.සර්ගෙ මෑණියොන්ට සෑහෙන්න හචිං යන්න ඇති ඒ වෙලාවෙ.කොරේ පිටට මරේ කියනවා වගේ සර් කුක්කව දැක්ක.මූ ඉතිං සර්ගෙ හොද ගෝලයනේ.ඒ පාර මුං ඩබලත් තව විනාඩි දහයක් විතර කයිය ගැහුවෙ නැතෑ.මට දැන් මලේ මල.අත් දෙකයි කකුල් දෙකයි රිදෙනවා එකසිය ගානට,ඒ මදිවට ඉවසන්න බැරි සුලු දිය බරකුත් තියෙනවා.මගේ වාසනාවට සර්වත් ළමයිවත් උඩ බැලුවෙ නෑ.බැලුවනම් එහෙම ඉස්කෝලෙ ගමනත් එතනින් ඉවරයි.යන්තන් සර් ළමයි ටිකත් දක්කන් එතනින් ගියා.අතට අහු උන තැඹිලි ගෙඩි ටිකත් බාල මං රූං ගාලා ගහෙන් බිමට ලෑන්ඩ් උනා.මුං පුදුම යාලුවො කියන්නේ බැහැපු ගමන් සක්කිලියො ටික වගේ බඩවල් අල්ලන් හිනා වෙන්න ගත්තා,මම මං දන්න ඔක්කොම කුණුහරුප ටික එතන වමාරන්න ඇති.කොහොමහරි ටිකකින් මටත් හිනා.ඊට පස්සේ තැඹිලි වලින් සප්පායම් වෙලා ඇළට බැහැල නාලා සභා තොමෝ සතුටින් විසිර ගියා.
ඔන්න ඔහොමයි අපි project කලේ.මේ වගේ රස අත්දැකීම් තව සෑහෙන්න තියනවා.මතක් වෙන සමහර ඒවා මේකෙ දාන්න ගියොත් මැරුම් කන්න තමයි වෙන්නේ.ඒ කාලේ නම් මාරම ලස්සන කාලයක්.....ආයිමත් එනවනම්......
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ.........//
ඒ කාලෙ මේ වගේ කරපු පිස්සු වැඩ මේක කියවලා මතක් වෙලා හිනාවක් ගියානම් පහලින් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.මොකද ඔබේ අදහස් තවත් මේ වගේ ලිපියකට මගේ මොරාල් අප් කරයි.....
ප/ලි
අප හිතවත් ගූගල් දෙයියා මා බොලොක්කයේ ඇති කමන්ට් ස්පෑම් යැයි සලකා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන හෙයින් එතුමාට එකට එක කිරීමක් ලෙස මෙම බොගයෙන් ගූ ගල් කමෙන්ට් පෙස්ටිය ඉවත් කරන ලදී.මේ තාක් දුරට මා දිරිමත් කල,අදහස් එක්කල සියල්ලගේම කමෙන්ට් ගූ ගල් දෙයියා සමග වලපල්ලට යන බැවින් කමාව අයදිමි.බොගර් කමෙන්ට් පෙස්ටියට ජය වේවා යැයි පතමින් මෙතැන් සිට එම පෙස්ටිය සැවොම භාවිතා කරමු.....
No comments:
Post a Comment
කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............