Thursday, July 10, 2014

නෝනගේ ලිපි අංක 1 - උළුදු වඩේ හදමු....

වඩේ වඩේ උළුදු වඩේ...රසයි රසයි උළුදු වඩේ.......

යාලු වෙලා ඉන්න ගෑං ළමයාට බොහොම අමාරුවෙන් කංකෙදිරි ගාලා ඉල්ලලා එයා යන කුකරි කුලාස් එකේ උගන්නපු දෙයක් දාන්නයි මං මේ ලෑස්තිවෙන්නේ..... ඒ වෙන මොනවත් නෙමෙයි උළුදු වඩේ හදනහැටි.....


ආසයි නේ??


ඕන කරන එව්වා.....

උදු පිටි 200g
පාං පිටි 200g
රතු ලූණු 100g
කෑලි මිරිස් මේස හැදි 2
ගම්මිරිස් කුඩු මේස හැන්දක් පමණ
පොල් බෑයක පොල්
කරපිංචා
කහ කුඩු  
අවශ්‍ය පමණට ලුණු
පොල් තෙල්
ආප්ප සෝඩා තේ හැන්දක් පමණ

සාදන ක්‍රමය

1.කරපිංචා හා ලූණු සෝදා සිහින්ව කපාගන්න 
2.පසුව භාජනයක් ගෙන පාං පිටි,උදු පිටි,ගා ගත් පොල්,ලූණු,කරපිංචා,ලුණු,ආප්ප සෝඩා,ගම්මිරිස්,කෑළි මිරිස් එකතු කර වතුරින් අනා ගන්න.
3.ඉන් පසු එම මිශ්‍රණය පැය 4ක් 5ක් පමණ පිපෙන්නට තබන්න.
4.පසුව පිටි මිශුණයෙන් කුඩා ගුලි සාදා ඒවායේ මැද හිල (සිදුර) සාදා ගන්න

5. පසුව තාච්චියක් ගෙන තෙල් දමා තෙල් රත්වන විට එම සාදා ගත් ගුලි එයට දමා මදගින්නේ රන්වන් පාට වන තෙක් බැදගන්න


 


 දැං ඉතිං කටට උනපු කෙල ටික ගිලලා.කටට සැර එන්න හොද ලුණු මිරිසකුත් හදාගත්තනං..........
හදපු උළුදු වඩේ වල රස බලන එක තමයි දැං තියෙන්නේ.....
හා එන්න එන්න පෝළිමේ.... වඩේ වඩේ උළුදු වඩේ....රසයි රසයි උළුදු වඩේ.......!!



දැං ඉතිං කාල බලපු උළුදු වඩේ වල රස ගුණ කියලම ගියානං...................


 

51 comments:

  1. ආ හොදයි හොදයි.....නෝනාගෙන් අහලම දැන්ම ඕව ඉගෙනගන්න එක...හික්ස්....

    හදන්න ඕන වෙලාවක ...

    දෙන්නටම ටැංකිව් ;)

    ReplyDelete
    Replies
    1. හදන්නකෝ වෙලාවක එහෙනං
      නෝනාගේ හොද හබියා වෙන්න ඉතිං හැමදේම දැනකියාගන්න එක හොදයිනේ................
      ටැංකිව් එකට වල්කම් කිව්වලු

      Delete
  2. මේ මම හදපු හැටි කියවල බලන්නකො.
    http://helapakade.blogspot.com/2013_04_01_archive.html

    ReplyDelete
    Replies
    1. හැලපයියේ මං මේ ඔයාව මතකක් කර කර කියවන් ආවේ. දෙන්නම් කමෙන්ට් එකෙන් කියලා... කෝ ඔයා ඉස්සරවෙලානේ....

      Delete
    2. යකඩෝ....හැලපයියගෙ මැද හිල වඩේ ගෙඩිය මාරයිනේ.....ඒක මේකට වඩා රහයි වගේ............

      Delete
  3. Replies
    1. පියරෙ හංදා අඩුවට දාලා දෙන්නං....ගෙඩියක් 5ක් වෙන්න.... නෝනගේ අත්ගුණේ තමයි ඉතිං...

      Delete
    2. 5ක්?????
      අඩෝ උඹ මගෙනුත් සල්ලි ගන්නවද???
      සහෝදර ‍ෆිට් එකට නොමිලේ දීපං ඩෝ :D

      Delete
    3. හා හා....විහිලුවක්නේ කලේ... උයා මුකුද තලා වෙලා....?

      Delete
  4. මෙයාට දැන් ඉතින් හොඳට කාල බීල තව ටිකක් මහත් වෙන්න පුලුවන්නේ

    ReplyDelete
    Replies
    1. හනේ හනේ.... මාව මහත් කරන්නෙ කවුද දන්නෑ.......ඉදගෙන

      Delete
    2. මේක කියලා දීපු නෝනත් බොලග් කියවනවැයි මලයො? :)

      Delete
    3. හප්පේ ඔව් අයියෙ..... මං ඉතිං ඒ හොද පුරුද්ද පුරුදු කලා.... හොදයි නේ?

      Delete
  5. අම්මේ මරු ඈ ,,කාලෙකින් ආවේ හොද වෙලාවක,,,

    ReplyDelete
    Replies
    1. එහේ කොයින්ද අක්කෙ රසට කන්න පුලුවන් උළුදු වඩේ??? ඔන්න අයියටත් එක්කං ටිකක් වැඩිපුර මතක් කරලා ගෙනියන්න...අය කරන්නෙ නෑ......

      Delete
  6. මාත් ආසම කෑමක්.. මේක බුක්මාර්ක් කර ගත්තා.. හෙමීට හදලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඉඩ තියන වෙලාවක හදලා බලන්නකෝ.....හැලප අයියා මට වඩා හොදට විස්තරත් එක්ක දාලා තියනවා....ඔන්න උඩ අදහස් වල ලින්ක් එක තියනවා..........

      Delete
  7. මැද්දෙන් පලලා ලුණුමිරිස් දාලා ගත්තම කෝමද, කෙළ ආව යකූ...

    හිල හදන හැටි තමා අමාරුම වැඩේ නේද?

    ReplyDelete
    Replies
    1. හිල හදන හැටි හැලපයියා කියලා උඩින්... උඹ කලබොල නොවි හිටින්...

      Delete
    2. ආසයි නේ......මටත් කෙල ඉනුවා ...............
      දැං ඉතිං බැදලා කියලා ඉන්න එකේ හිල හදනහැටි අපි කියන්න ඕනැයැ ඉතිං.... මං නං ඔන්න ඔව්වට නෑ..හැලප අයියයි,නලින් අයියයි තමයි

      Delete
  8. හම්මේ...
    මූ කාලෙකින් ගොඩ වෙලා දාල තියෙන එක...
    අපේ කෙල ටික හලනවට මුට වෙඩි තියකන්න ඕන පෝලිං කරල...

    ආපහු ආවට පට්ට තන්තෝසයි ඇ

    ReplyDelete
    Replies
    1. හදාගත්තු පැල දාලා කොහේ කියලා යන්නද ඉතිං??ඔන්න ඔහේ වඩයක් හදං ආතල් එකේ පැත්තකට වෙලා හිටියා.....
      මට වෙඩි තිබ්බොත් මගේ අර අහිංසක දරු පවුලට කාගෙ පිහිටක්ද???

      Delete
  9. මේ වඩේ රස ගන්න නම් සම්බලය ඕනමයි... වර්ග දෙකෙන්ම. රතු එක සහ සුදු එක. ඒ දෙකත් හදන හැටි දාමු ද?

    ReplyDelete
    Replies
    1. සුදු එක කියලා නලින් අයියා අදහස් කරේ කොච්චි සමම්බෝලයක් වෙන්න ඕන.....අම්මෝ.... මතක් වෙද්දිත් කියලා වැඩක් නෑ......

      Delete
  10. අඩේ මාත් ආසම කෑමක්. මැද්දෙන් පලලා ලුණුමිරිස් දාලා ගත්තම……… මතක් වෙත්දිත් කෙළ උනනවා යකූ… :)

    ඕකේ හැඩේ හරියට ගන්න නම් පොඩි ගේමක් දෙන්න වෙනවා නේද? හිල නම් අවුලක් නෑ ඇඟිල්ල දාන්නනෙ තියෙන්නෙ? ;)

    ReplyDelete
    Replies
    1. කවුදෝ මංදා ඇහුවලු ළමයි බමයි ඉන්න අප්පුච්චිලට ඇගිලි දාන එවුවත් මහ කජ්ජක්ද කියලා...:-D හා නැද්ද හා ප්‍රියා අයියේ......??

      Delete
  11. උළුදු වඩේ හදන හැටි මම කිව්වා මගේ රස කතා එකේ. උඹලත් එහෙමද මන්දා හදන්නේ.. හැක්..
    රසකතා

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමේට නම් හිල හදන්න ලේසියි. :D

      Delete
    2. තැන්කුයි ප්‍රියා

      Delete
    3. එ්ක පට්ට කතාව....දේශකතුමා....අපි දෙන්නනම් ඉතිං ඒ විදියට පපුවෙ තියං හදන්න ට්‍රයි කලේ නෑ....තාම හිච්චි උන්නේ.....තා කල් තියනවා.......

      Delete
  12. හප්පා මගේ ප්‍රියතම කෑමක්. නිවාඩු පාඩුවේ හදල බලන්නම්.

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුවේ එහෙනං හදලා බලන්නකො සදුමල......උඩ තියන හැලප අයියගෙ ලින්ක් එකේ තවත් හොද විස්තර තියනවා හිල එහෙම රවුමට හදාගන්න හැටි......

      Delete
  13. වඩේ නේ ,මමත් ඉතිං කැමැති එකෙන්ම ..කඩෙන් අරන් තමයි වැඩියෙන් ...හිටින් හදන්න කියලා වැඩේ වැරදුනොත් උඹව කනවා අතුරුපසට :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතිං එවුවා ඔට්ටු නෑලු......කඩේ තියං පාං පිටි දාලා හදන වඩේ වගේද ගෙදර පුරුදු වෙන්න හදලා වැරදුනොත් ඊළග සැරේ තවත් රසවත් කියලා හදන වඩේ??

      Delete
  14. හප්පොත්තියේ ඔයත් කොලන වැඩ ..දැන් ඉතිං කන්නම ඕනි වගේ මෙව්වා ...හ්ම් හ්ම් හදන්න ඕනි .තැන්කුයි ඔදේ ...

    ReplyDelete
  15. ආව්වට ඉත්තූතී හොඩේ.... උයාගේ ටැංකූ එක යන්නි ඔිනි මගේ නොනට හොදේ................ හ්ම් හ්ම්....හදලා බලලම රස කියන්නකෝ...............

    ReplyDelete
  16. Hi there, after reading this remarkable paragraph i am too glad to share my knowledge here with mates.


    my web-site affordable party pills

    ReplyDelete
  17. I have read so many posts regarding thhe blogger lovers howsever this piece of writing is
    really a fastidious article, keep it up.

    Also visit my web-site :: best cordless weed eater

    ReplyDelete
  18. I'm not sure where you're getting your info, but good topic.

    I needs to spend some time learning more or understanding more.

    Thanks for excellent info I was looking for this information for my
    mission.

    Also visit my blog post; inspector

    ReplyDelete
  19. අම්මේ දැක්කම කටට කෙළ ඉනුවා..උළුඳු වඩේ කියන්නේ මගේ ආසම කෑමක්! දෙන්න ඕනි ට්‍රයි එකක් මේව හදන්න..රෙසිපියට තැන්කූ හොඳේ..:D

    ReplyDelete
    Replies
    1. ඔනන මගේ නෝනට තවත් මල් මිටක්...... වෙලාවක හදලා බලන්නකො එහෙනම්....... තනි තරුව මේ පැත්තට ගොඩවැදුනට මෙන්න මගෙනුත් මල් මිටක්......!!! *0*

      Delete
  20. Do you mind if I quote a couple of your articles as long as I provide
    credit and sources back to your blog? My blog site is in the very same niche as yours and
    my users would definitely benefit from a lot of the information you provide here.
    Please let me know if this ok with you. Appreciate it!


    Here is my homepage; photography ()

    ReplyDelete
  21. ෂා නියමයි මැද හිල වඩේ හි හි හක්...

    ReplyDelete
  22. දෙන්නම් වඩේ වඩේ වඩාගෙනම උළුදු වඩේ😀😀

    ReplyDelete
  23. ස්තූතියි රෙසිපියට... අදම හදනවා මං ��

    ReplyDelete

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............