Thursday, July 16, 2015

හිතේ ඇති මල් පද 1 - අනේ මගේ බොග...

කාලෙකින් පස්සේ නිකමටයි මේ පැත්තේ ආවේ.මගේ බොග මං නවත්තපු තැන තාම එහෙම්මමයි....කිසි වෙනසක් වෙලා නෑ...ඉතිං පාලුවෙන් තනියම මේක දිහා බලාන ඉන්න අතරේ මට මේ මල් පද ගෙත්තම් උනා.......


කලක් ගතවුනත් මා නුඹ දමා ගොහින්...

හිතුනා පැමිණ අද නුඹේ රැව දැක යන්න...

අමතක උනත් පෙරදා මෙන් මුර පදය...

කලකට පසුව ආවෙමි නුඹ සොයාගෙන...



සකසා අලුත් මුර පදයක් නැවත...

ඇතුලු උනා නැවතත් නුඹේ කුටිය වෙත...

මල් මල් සුවද හමමින් ඇත මා වෙතට...

සුපුරුදු උණුහුම දැනුනා පෙර ලෙසට...


අතැර ගොසින් නොසිතූ ලෙස මාස අටයි...

මා නැති කලට නුඹ කිසිවකු පතා නැත...

පතිවත රැකන් මා එනකං බලා හිද...

පෙන්නුවා වෙනස නුඹ හා ළලනාවන් අතර...


දහසක් අඩුපාඩු ඇත නුඹ මාගෙන් ලබපූ...

නෑ එක වචනයක් දෙඩුවේ එකට එක...

කීවොත් ඔතන හිටපං තව මාස අටක්...

සිටිනා බව දනිමි කී දේ එලෙස අසා...


නැත එක් බොරුවක් නුඹ මෙමට කියා...

නැත දිවුරා බොරු කරලා රහස් තියා...

විස්වාසය මගේ රැකලා සිටින නිසා...

වෙන අය මෙන් නොවේ නුඹ මට සිරිලියකි...


පෙරමෙන් අප මිතුරන් මෙහි සිටීවිද...

ඇත්තේ දෙගිඩියාවකි මා සිත පතුලේ...

ආවෙමි නැවත ගෙනෙමින් මල් මල් සුවද...

එන්නෙමි හනික යළි නුඹලා දැකගන්න...


ආවේ නිකමට දැකලා සැනසෙන්න...

සිදුවූයේ පදවැල් පෙළ අමුණන්න...

පබ්ලිෂ් කර මගේ මල් පද කියවන්න...

දෙනවද ඉඩක් පෙරමෙන් නුඹ සනසන්න...




2 comments:

  1. දිගට ම ලියනවානම් අගෙයි........

    ReplyDelete
    Replies
    1. ඕන කමක් නෑ කුරුටු...අන්න ඒකයි දුක

      Delete

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............