Tuesday, November 26, 2013

නාමල්ගේ ලිපි අංක 6 - නායකත්ව පුහුණුව සහ අපි

නායකත්ව පුහුණුව සහ අපි

ෆොටෝ ගොඩක් ඇති නිසා ලෝඩ් වීමේදී යම් කාලයක් ගනු ඇත....ඉවසා වදාරන්න
 
අප්පටසිරි......! මේක ගැන නම් අපේ අයට පොතක් උනත් ලියන්න පුලුවන්, ඒ තරමටම සෑහෙන්න රසවත් අත්දැකීම් හැමෝටම ඇති.මාත් මේක වීරයා වගේ ලියන්න පටන් ගත්තට මොකද දාන්න ඕන ඒවා මොනවද, එපා ඒවා මොනවද කියලා ලියන්න කලින් සෑහෙන්න වෙලාවක් හිතුවා. ඇයි ඉතිං හැමෝගෙම සායම යන්නෙ නැතුවත් ලියන්න එපැයි. මෙහෙම පටන් ගනිමුකො එහෙනම්. පහුගිය 11 වැනිදා ඉදන් සති දෙකක් පුරාවට ඉන්ටේක් 31 එකට කොතලාවල කැම්පස් එකේ නායකත්ව පුහුණුව තිබුනා.පළමුදා (23) රෑ 12ට කිට්ටු වෙනකම් තිබුන ලස්සන පාර්ටියකින් පස්සෙ පුහුණුව ඉවර උනා.ඒ සති දෙකේ කාලය පුරාවටම කස්ටිය කල කී දේ ගැන කෙටියෙන් කියන්න තමයි මල් මල් මේ ලෑස්ති වෙන්නෙ.......හා ඊට ඉස්සල්ලම මෙන්න මේක කියන්න ඕන සමහර තැන්වල නම් ගම් හිතා මතාම වෙනස් කරලා තියන බව (තව අවුරුදු 4ක් මම මේකට එන්නත් එපැයි....) 

ඔන්න ගිය මුල්ම දවස නිසා කස්ටියට එන්න කිව්වෙ 7.30ට.ඊටත් පරක්කු වෙලා ආව අයට පොඩි බණක් දීලා ඇතුලට එව්ව කියලා පස්සෙ ආරන්චි උනා.දුර ඉදන් එන අය කස්ටියක් ඇතුලේ බිලට් වල හිටියා අනිත් අය ගෙවල් වල ඉදන් ආවා.මේ පහළ යංතං පෙන්නලා තියෙන්නෙ කොල්ලන්ගේ බිලට් එකේ තෝරලා ගත්තු ෆොටෝ වගයක්.තිබුන ඔක්කොම දැම්මනම් මේ පෝස්ට් එකට 21+++ කාඩ් එක වදිනවා.බිලට් එකේ අයනම් සෑහෙන්න ෆන් එකක් අරන් තිබුනා.
හිගන්නා ගැසීම
ෆොටෝ ගන්න එපා යකෝ...
                                                                                                              

           මුලින්ම කැම්පස් එක වෙනුවෙන් අපි හැමෝමව හේරත් සර් පිළිගෙන පළවෙනි ලෙක් එක කලා.පස්සෙ අපි 160 දෙනා කණ්ඩායම් 4 කට වෙන් කලා.ඒ ඇල්ෆා,බ්‍රාවෝ,චාලි,ඩෙල්ටා කියලා.මම වැටුනේ චාලි එකට,එදාම දැකපු කොල්ලො කෙල්ලො ටිකකුත් හිටියා.මුල් ටිකේ හැමෝම ලොකු සීන් දීගෙන හිටියට පස්සෙ පස්සෙ හැමෝම හොදින් ෆිට් උනා.ඊලගට අපිව කැඩෙට් මෙස් එකට ගිහින් කන්න දුන්නා.ගොඩක් අයට නුපුරුදු හැන්දෙන් ගෑරැප්පුවෙන් කොටා බාන්න දුන්නු හන්දද කොහේද මුල් දවස් ටිකේ මෙස් එක ඇතුලෙ හරියට නිකන් යුද්දෙකට ගියා වගේ සද්දෙ තිබුනා.පස්සෙ අපිව පිට්ටනියට එක්කන් ගිහින් ටිකක් එක්සයිස් කෙරෙව්වා.ගොඩක් අය එහෙම ග්‍රවුන්ඩ් බහින්නත් ඇත්තෙ සෑහෙන්න කාලෙකින් ඒ හන්දද කොහෙද මුල්ම දවසෙ ගෙදර ඇවිල්ලත් අත පය රිදෙන්න ගත්තා.පස්සෙ දවල්ට කන්න වෙලාව එනකම් තවත් ලෙක් එකක් තිබුනා.හරිම ආස හිතෙන ලෙක් එකක් තිබුනේ,හැමෝම නිදි කිර කිර අහන් හිටියා.කව්ද කොල්ලෙක්නම් ඒක මුකුත් අහන් හිටියෙ නෑ.පස්සෙම පේළියෙයි ඌ හිටියෙත්.එතන ඉස්සරහට පේන්නෙත් නෑ.ඉතිං ඌ ඩෙස් එක යටට ගිහින් සැපසේ නිදාගත්ත එක විතරයි කලේ.කොතලාවල ඉතිහාසෙම ලෙක් එකක් අතරේ බිම ඉදන් සැපට නිදාගත්ත එකෙක් ඉන්නවනම් ඒ ඌ විතරක් වෙන්න ඇති.උගේ ලග හිටපු යාලුවෝ උගේ ජංගමෙන් ඌවම ෆොටො ගහලා වීඩියෝ කරලා තිබුනා.වීඩියෝ එක දැම්මෙ නෑ එතකොට නිදාගත්ත කෙනා මාට්ටු වෙනවනේ.නිදාගත්ත එකාව ගෙස් කරලා පහල කොමන්ට් එහෙම දාන්නෙ නෑ ඕං.
පැහැදිලි නැත්නම් ලොකු කරන්න  ක්ලික් කරන්න

පුලුවන්නම් නිදාගත්ත කෙනා ගෙස් කරන්න












          පස්සෙ තමයි අපිට මෙන්ඩිස් සර් සෙට් උනේ.එතුමා අපිට කොතලාවල කෑම්ප් එකේ අපිට යන්න පුලුවන් තැන්,යන්න එපා කියපු තැන්,ජිම් එක,ග්‍රවුන්ඩ් එහෙම තියන තැන් අපිට පෙන්නුවා,ඒ විතරක්යැ... අපිට තුන් පෙළ ගහන්නත් ඉගැන්නුවා.ඊලග දවසත් මේ වගේම පටන් ගත්ත.ඇතුලේ බිලට් එකේ හිටපු උන් හැන්දෙනුයි ගෑරැප්පුවලිනුයි රෑට ඉදිආප්ප කාපු එක ගැන තමයි හැමෝම වගේ කතා කලේ.මුල් දවසෙ වගේම තමයි ඊලග දවසත් ගෙවුනේ.හා.... තව වැඩක් උනා.මෙන්ඩිස් සර් තමයි අපිට ඩ්‍රිල් එක ප්‍රැක්ටිස් කලේ.එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මහ හයියෙන් කෑ ගහන වැලි මිරිකලා වතුර උනත් ගන්න පුලුවන් විදියට මොරාල් අප් කරන වොරන්ට් ඔපිසර කෙනෙක්.දෙවනි දවසේ ඩ්‍රිල් එකට ආවම උනත් අපි නම දැනන් හිටියෙ නෑ ඕං.ඉතිං අපිව උසේ පිළිවෙලට තුන් පෙළ හදවලා එහෙම සර් බණක් කියන්න ගත්තා.නිතරම මෙන්ඩිස් කෙනෙක් ගැන කියවනවා.අපේ අයට ඉතිං ෆුල් හොල්මන් කවුද මේ මෙන්ඩිස් කියලා...ඉතිං මෙන්ඩිස් කිව්වම හැම එකාම මූනට මූන බලාගන්නවා.ඉතිං ඉස්සරහම පේළියේ ඉදපු ලැජ්ජ බයට හැදුන මොරාල් තියන කොලුවෙක් එක පාරටම අත උස්සලා ඇහුවෙ නැතෑ කවුද සර් මෙන්ඩිස් කියන්නෙ කියලා..................කට්ටියම දැන් මීක් නෑ...... සර් එක පාරටම අන්දුන් කුන්දුන් උනා.ඇයි යකුනේ මෙන්ඩිස් කියන්නෙ මට තමයි දැන්වත් ඒක දැනගන්න කියලා හිනාවකුත් එක්ක කිව්වා. ඊටපස්සෙ තමයි මෙන්ඩිස් සර්ව හැමෝවම දැනගත්තේ.

          ඊලග දවසෙත් ඉතිං ඒ විදියටම තමා..වෙනසක් කියලා තිබුනේ උදේට පිහියෙනුයි ගෑරැප්පුවෙනුයි පාන් කන එක තමයි.එදා අපිව ලංකාවෙ අගමැති කෙනෙක් උන ඒ වගේම කොතලාවල කැම්පස් එක,රත්මලාන ගුවන් හමුදා කදවුර,ගුවන් තොටුපල හදන්න තමාගෙ භූමිය පරිත්‍යාග කල ජෙනරල් සර් ජෝන් කොතලාවලතුමාගේ වලව්ව බලන්න යන්න හැමොටම චාන්ස් එක හම්බවුනා.ඒකනම් ජීවිතේ හැමෝටම ලබාගන්න බැරි මාරම අවස්තාවක්.ඒක දැන් කෞතුකාගාරයක් කරලයි තියෙන්නෙ.එතුමාගේ තමයි ලංකාවෙ 1 ශ්‍රී 1 කාර් එකත්.ඒවගේම ඒ කාලේ ඉදලා පුදුම සැප පහසුවකින් තමයි ජීවත් වෙලා තියෙන්නේ.රැජින ලංකාවට ආපු වෙලාවෙ ඉදලත් තියෙන්නෙ එහේ.ඒ කාලෙ හයි කරපු ඒ.සී. මැශින් තාමත් හොදට වැඩ කරනවා.එතුමාට එක එක රටවලින් හම්බුන තෑගි,මිල කරන්න බැරි පුරාවස්තු,එතුමාගේ ඇදුම් පැළදුම් වගේ හැම දෙයක්ම එහේ තිබුනා.අඩුමගානේ දවස් තුනක්වත් ඕන ඒක හරියටම බලාගන්න.පහල තියෙන්නෙ එතුමාගේ 1 ශ්‍රී 1 කාර්ඩිලැක් කාර් එක


          ඔහොම ඔහොම එක එක ලෙක් වලින්,ඩ්‍රිල් වලින් කාලේ ගෙවුනා.ඒ කාලෙදී කන බොන හැටි,අදින පළදින හැටි කොටින්ම කියනවනම් ටොයිලට් යන හැටිත් ඉගෙන ගත්තා.මොනවා නැතත් නීරෝගී මනුස්සයෙක් අඩුම ගානේ සතියකට දෙවතාවක්වත් _________ ඕන කියන එක නම් කොල්ලොන්ගේ හිතට හොදටම වැදුනා.තවත් දවසක තිබුන 5 මයිල් රන් එකට සමහර අයගේ නම් හොදට තිබුනු අත පය ටිකට තෙල් ගාන්නම උනා.
ඊලග දවසෙ තිබුනු හොදම ඉවෙන්ට් එක තමා හයික් එක.පාන්දර 6ට කට්ටියම හොරන Neuchatel tea state එකට පිටත් උනා.


          බස් 3 කුයි,වෑන් එකකුයි,ලොකු ලොරියකුයි තමයි ගියපු වාහන.අපිට කලිං දවසක කිව්ව කව්රුවත් ෆෝන් ගේන්න එහෙම එපා කියලා.ඒ වගේම පාන්දර ෆෝන් ගෙනාපු අයගෙන් ෆෝන් ටික උදේම එකතු කරගත්තා.මට නම් අන්න ඒ වෙලාවෙ තමයි බස් එකේ යනකොට වෙන වැඩේ ගැන හරියටම තේරුනේ.මොකෝ අපිත් හයික් ගිහින් නැතුවාය..... අපේ අය බස් වල යනකොට ඉතිං සද්ද බද්දයක් නැතුව උපාසකයො වගේ යන අයනේ......(හී......) ඉතිං අනේද කියන්නෙ ගමන පටන් අරන් ටික වෙලාවක් යනකොටම කස්ටියම බජව්ව පටන් ගත්තා ඉවර වෙනකම්ම ඉතිං සිංදුවයි නැටිල්ලයි නම් අඩුවක් උනේ නෑ.කස්ටිය බස් එකේ නටපුවා තමයි ඔය පහල තියෙන්නෙ.එකක් ක්ලික් කරලා ලොකු කරලා අනිත් ඒවත් බලන්න තම තමන්ගේ මූනත් තහඩුව තියනවද කියලා.


 








ඒත් ඉතිං තේ වත්ත හරියටම ආවට පස්සෙ තමයි මාරම වැඩේ උනේ................................................!!!!!!

එක පාරටම බස් එක නතර උනා.බස් එක හරස් කරලා සුදු වෑන් එකක් නතර උනා.පස්සෙ දොර වහලයි තිබුනේ.ඉස්සරහා දොරින් නැග්ගේ නැතෑ දාමරික මදාවියො දෙන්නෙක්......රම්බො පිහි දෙකකුත් අරගෙන.එකෙක් ඉස්සරහ ගියපු කෙල්ලෙක්ගේ බෙල්ලට පිහිය තිබ්බා අනිකා පිහිය අරන් වටේටම වන වන අනිත් අයට සයිස් කර කර හිටියා.කට්ටියම සිංදු කියන සිහියෙන්නෙ හිටියේ ඒ වෙනකොට බස් එකේ ඩයියත් නෑ අපේ ගාඩ් එකට ගිය හමුදාවෙ අයත් කවුරුවත් නෑ.ඉස්සරහා ඉදපු කොල්ලෙක් කෑ ගහගෙන බයවෙලා පස්සට දුවපු හන්දා සිංදුව නැවතුනා.ඌ බයවෙලා පස්සට දුවපු හැටි මට මතක් වෙනකොට පුදුම ලැජ්ජාවක් මතු වෙන්නෙ.චාලි ටෘප් එක ගියපු බස් එකේ අයනම් ඒ කවුද කියලා දන්නව.මම විතරයි ඉස්සරහට ගියේ දෙකක් අනින්න හිතාගෙන.කලින් මේ වගේ භයානක තැන් වලදි මට පිහිටට ආව නිතරම මගේ ලග තියන,සාක්කුවෙ තිබුන සාක්කු පිහියත් සාක්කුවෙම දිග ඇරන් තමයි මං ඉස්සරහට ගියේ. ඒත් ඉතිං උන් අතේ තිබුන පිහි වල හමුදාවෙ ලාංඡනයි හමුදාවෙ සපත්තු දාගෙන ඉන්න එකයි,ඉස්සරහ කොතලාවල එකේ වෑන් එකයි දැක්කම මට වෙන වැඩේ තේරුණා.කෙල්ලව ඕන නම් ලක්ෂ 20ක් අරන් එන්න කියලා උන් කෙල්ලව අරන් වෑන් එකේ දාන් යන්න ගියා.

          ඔන්න  ඉතිං කතාවෙන් කතාව අපි තේ වත්තට ආවා.මේ වෙනකොට අනිත් බස් දෙකෙනුත් ගෑණු ළමයි දෙන්නෙක් මේ විදියට අරන් ගිහින් කියලා ආරන්චි උනා.මේන්න එතකොට අර වෑන් එක ඈතින් එනවා කියලා ආරංචි උනා.චාලි කොල්ලො ටික ලග තිබුනු කොටන් වගයක් පාරට දාලා වෑන් එක නතරකර ගත්තා.නතරකරගෙන එබිලා බැලුවම ඔන්න ඇතුලේ ගෑණු ළමයි ටික ඉන්නවා හැංගිලා ඔලුව වහගෙන.අපේ සර්ලා ටිකයි මැඩම් කෙනෙකුයි ඇතුලෙ ඉන්නවා දැක්කා.එතකොට තමයි ගෑණු ළමයි ටික නිදහසේ උස්ම ටිකක්වත් ගත්තේ,ඒවගේම මෙච්චරවෙලා වැහිලා තිබුණු වට්ටි අම්මා කටවල් ටික ඔන්න ආයිමත් වැඩ පටන් ගත්තා.ඊටපස්සෙ තමයි අපිට මිෂන් එක දුන්නේ ගෑණු ළමයි බේරගන්න.අපේ අය එක එක ඉගි හොයාගෙන ඉස්සරහට ගියා.ගමන ටිකක් දුෂ්කරයි,කිලෝමීටර 8 ක කන්දක් නගින්න තමයි උනේ.මේ තියෙන්නෙ ඒ නැගපු ගමනේ ෆොටෝස් ටිකක්....








          තව ෆොටෝස් මහ ගොඩක් තියනවා.ඔය මදැයි ඉතිං.වාලි එක තමයි හැම එකකින්ම එදා හොදම උනේ.මුලින්ම බොහොම අමාරුවෙන් කන්ද නැගලා ගෑණු ළමයි ටික බේරගත්තෙත් චාලි එක.ඊටපස්සේ උයන වැඩේට කට්ටිය සැට් උනා.තවත් සමහරු හංගලා තිබුණ කෑම හොයන්න ගියා,තවත් අය දර ගේන්න ගියා,තවත් අය එතන කෑම්ප් සයිට් එක ගහන්න සුද්ධ කලා.මේ විදියට කට්ටියම ලස්සනට වැඩ ටික බෙදන් කලා.මේ තියෙන්නේ චාලි කෑම්ප් සයිට් එක....

වෙල්කම් (කොල එකතු කරලා රබර් කිරි වලින් හදපු නිර්මාණයක්)


මේ දෙන්නට සෑහෙන්න ගෞරවයක් දෙන්න ඕන අපි හොදම සයිට් එක 1 උන එකට

කොහොමද හැඩ නේ....??


මේ තවත් අයිටම් එකක්


හොයාගෙන හදපු නූඩ්ලස්......





 බොහොම අමාරුවෙන් ලිපකුත් හදන් වතුර උණු කරලා නූඩ්ලස් හදලා සැමන් රසට හදලා අපේ අය සෑහෙන්න මහන්සියක් උනා.චීස් නූඩ්ලස් උඩින් දාලා ලස්සනට හැඩ වැඩ කරලත් තිබුනා.සර්ලා ටික මුලින් ගිහින් කෑවට පස්සෙ අපේ අය පෝළිමේ ගිහින් කන හැටි තමයි ඊළගට තියෙන්නේ...



අප්පටසිරි... මුන්ගෙ කෑම වල රස


චාලි අක්කාගේ කෑම පෝලිම

බඩගිනි පෝලිම


කෑම හදන් කෑම කාලා කට්ටියත් එක්ක එකට වැඩ කරපු එක ගොඩක් අයට සෑහෙන්න වටින අත්දැකීමක් උනා.කෑම කාලා කට්ටියම වැරයිටි ෂෝ එකට රෙඩි උනා.දවස් දෙකක විතර කෙටි කාලෙකින් යංතන් රෙඩි උන අයිටම් ටිකක් තමයි තිබුනේ.චාලි එකෙන් කරපු නාට්‍යය හැමෝවම හිනැස්සුවා.ඒකට මහන්සි උන අයත් මේ වෙලේ මතක් කලා නම් හොදයි වගේ.හිරාන් අය්යා (සක්‍රයා/ස_ස්), සහන් අයියා (ආරච්චිලා), සිසුරු (මාතලී), ශෙහාන් (කොන්දා) මේ වගේ කියපු නොකියපු හැමෝම මේ වෙල ඔන්න මතක් කරනවා.ඒ වගේම සපත්තු කකු‍ලෙන් නිකන් කකුලෙන් ගිය ආරච්වයි සැක්‍රකටීවයි ඩබල්අප් කරපු දොරටුපාලට හිටියෙ මෙන්න මෙයා.ඒවගේම තමයි නාට්‍යය අවසානෙට කළ නෑනා විරිදුවටත් හැමෝගෙන්ම හොද අහන්න ලැබුනා.

හයියෝ සරම දේවයන් වහන්ස

මොකා... අපේ අන්තප්පුරය..........????

මම කැමතී නෑනට.. නෑනා කැමති නෑ මට


ඊටපස්සෙ තවත් එක එක අයිටම් ටිකක් තිබුණා.ඒ අතරින් තරිදුගේ ටෘප් (ඩෙල්ටා) එක කරපු නාට්‍යත් මරුවටම නැගලා ගියා.ගුවන් කුරුල්ලා (තිළිණ), මෙන්ඩිස් සර් (තරිදු), සාත්තර කාරයා (තුසාර), එතකොට නිපුන කවීෂ ,ඉෂාර මධුෂංක මේ අය කරපු චරිතනම් මාරයි.ගුවන් කුරුල්ලා ගැනනම් මට ගෙදර ඇවිල්ලත් හිනා.තරිදු මෙන්ඩිස් සෑර් ඒ විදියටම අනුකරණය කලා.අම්මෝ ඒකට හිනා උන තරමක්....18500 ගැන මතක් කරනකොට මං හිතුවෙම දෙල්විට සර් අපිට වෙඩි තියයි කියලා.එතකොට මෙන්ඩිස් සර් අපිව මිරිකලා වතුර ගනීවිද කියලාත් හිතුනා.ඇත්ත ගුවන් කුරුල්ලා ගැන නම් කතාකරලා වැඩක් නෑ.ඒ වෙලේ බිම බලාගත්ත එක කෑම්ප් එකට එනකම් එහෙම්මමයි.ඒ නාට්‍යය මෙතනින් බලන්න යන්න.සෑහෙන්න දක්ෂ කණ්ඩායමක්.ඒ වගේම මාස්ටර් සර් සිංදුව කියපු සහෝදරියත් මාරම ටැලන්ටඩ්.සෑහෙන්න කාලෙකින් ඇහුවෙ නැති සිංදුවක් මාර ලස්සනට ගායනා කලා.

ඊටපස්සෙ තිබුනේ නිපුන්ලගේ නන්ස්ටොප් එක.ඒක කොච්චර හොදට නැගලා ගියාද කියනවනම් අවසාන හරියෙදි වාඩි වෙලා හිටපු අයත් මෙන්න මේ විදියට නටන්න ගත්තා.



ඉතිං රෑ වෙන්න ආව හන්දා හැමෝටම ස්තුති කරලා කට්ටිය ආයිමත් කෑම්පස් එකට ඇවිත් විසිරුනා.

ඊළග දවසෙ තමයි අපේ අයට හොදම දවස.කට්ටියම 23 සෙනසුරාදා හවස 6ට කැම්පස් එක ලගට ආවා.කොල්ලො ටික අදුනගන්නවත් බෑ.ඒ වගේද ගෑනු ළමයි.මේකප් එකටම කලු අය සුදු වෙලා...(මගේ අදහසක් නෙමෙයි පිරිමි ළමයි කතා වෙද්දි ඇහුන දෙයක්...නැත්නම් අහිංසක මට කුඩ පාරවල් කන්නත් වේවි.) හමුදාවෙ අය කෑමට බීමට  හරිම දස්සතාවක් දක්වනවා කියලා මට එදා තමයි තේරුනේ.හමුදාවෙ විතරක් නම් බැරිය එතකොට අපේ අය...පුහ්... කියලා වැඩක් නෑ.ඩීන් සර් ආවට පස්සෙ හැමෝම වෙල්කම් කරලා කොක්ටේල් පාටිය පටන් ගත්තා.මුලින්ම දෙල්විට සර් කොල්ලොන්ට තද අවවාදයක් දුන්නා.කොල්ලොන්ගේ බොන අයට බොන්න පුලුවන් බියර් මග් 2ක් විතරයි කියලා තමයි පටන් ගත්තේ.නොකියා කිව්වේ ගූ වෙන්නෙ නැති තරමට බොන්න කියලා නෙව.ඩීන් සර් චියර්ස් කරන්න කලින්ම අපේ සමහර උන් පළවෙනි මග් එකත් බීලා ඉවරයි.එහෙම කරපු කාටදෝ මංදා පුංචි එකෙක්ට දෙල්විට සර්ගෙන් පුංචි බැනුමක් අහන්නත් උනා.ඔන්න ඔහොම පාර්ටිය ටපන් ගත්තා.සර්ලට බ්ලැක් ලේබල්,බ්‍රැන්ඩි,විස්කි තිබුනා.(මුල් ටිකේ සර්ලට පස්සෙ පස්සේ අපේ _____ට).අපි වගේ ඇල්කොහොල් පාවිච්චියක් නැති උන් කුලකයට කොකා කෝලා,ඊජීබී තිබුනා.එතකොට කටගැස්ම වර්ග පස් හයක්ම තිබුනා.බොන නොබොන හැමෝටම ඒවා තිබුන හන්ද හොදට ගියා.නැත්නම් අපේ කුලකෙට හපන්න මුකුත් නැතිවෙනවානේ.ඩීජේ එක පටන් ගන්න කලින් අපේ අයගෙ පොඩි පොඩි අයිටම් වගයක් තිබුනා.ඒ අතර අපේ පොඩි මල්ලි (තුසාර) මරුවට මෙහෙයවපු මනමේ වගේ සිංදු වලට ඇක්ට් කරන්න තිබුන එක නැගලම ගියා,එතකොට නියරේ පිය නගලා සිංදුවත් එහෙමයි.ඩීජේ එක පටන් ගත්තමනම් හැමෝම නටන්න ගත්තා.පැය 3ක් විතර එක දිගටම අපේ අය නැටුවා.සර්ලා වටකරගෙන සර්ලත් එක්කත් නැටුවා.වෙනදා හමුදාවෙ නිළඇදුමට වැහිලා තිබුන සැර ගතිය කොහෙන් ගියාද දන්නෙ නෑ.හමුදා ඇදුමකට යටින් මනුස්සකම,කරුණාවන්තකම උතුරන හදවත් අපි ඇත්තටම අදුනගත්තේ ඒ වෙලාවෙ.අවසානෙදි ඩීන් සර් කිව්ව සිංදු තුනෙන් අපේ අය ෆෝම් වෙලා තවත් නටන්න ගත්ත.අවසානෙදි කොතලාවල ඉතිහාසෙ පළවෙනිම වතාවට **** උඩ දාලා අල්ලන්නත් ඉන්ටේක් 31 කොල්ලොන්ට පුලුවන් උනා.ඒ තරමටම සෑහෙන්න සුහදතාවක්,විශ්වසනීය බවක් අපි අතරේ ගොඩ නැගිලා තිබුනා.අවසානයේ සුලු ආහාර වේලාවකින් පසු සියල්ල එකිනෙකාට වැද ආචාර කර සතුටින් නික්ම ගියෙමු.

මේ තියෙන්නෙ පාර්ටිය වෙලාවෙ ගත්ත ස්ටිල්ස්...












පුරා සති දෙකක් පුරා පැවැත්වුනු නායකත්ව පුහුණුව එසේ සුන්දර මතක සටහන් සහිතව නිමා විය.මේ සා විශාල වු කාර්‍යක් පිටුපස වූයේ මේජර් දෙල්විට සර්ය.සති දෙකක් පුරාවටම එතුමා තමාගේ සියලු කැපවීම අප වෙනුවෙන් නොමසුරුව දක්වන ලදී.ගැහැණු ළමයෙකු අදහස් දැක්වූ පරිද විටෙක ඔබ අප්පච්චී කෙනෙක්ද,විටක මවක්ද,තවත් විටක සැමටම සහෝදරයෙක්ද විය.කුරිරු යුද්ධය නිමා කිරීමට ඔබ කල කැපවීම කදවුරේ අනෙකුත් සුලු නිළයන් අපට පවසා ඇත.අප වෙනුවෙන් කළ එම තැපකිරීම් යුද්ධයෙන් දරුණු ලෙස ආබාධ වීමක් දක්වන ඔබගේ පපුවේ ඇති රෝස පැහැති පටි සළකුනෙන් වඩාත් පැහැදිලි වේ,ඒ නැතත් ඔබේ වමතේ ඇති තුවාල සළකුණු ඒවාට මහත් සාක්ෂියකි.හේරත් සර්,එදිරිසිංහ සර්,බස්නායක සර්,මෙන්ඩිස් සර් ඔබලා වැනි මෙහි සදහන් කල නොකල සියලු විරුවන්ට මේ ලිපිය උපහාරයක්ම වේවා.........!!



 මේ ගෘප් හතර.අවසානෙට හතරදෙනාම සූරයෝ.......






ඔන්න ඔහොම තමයි ඔක්කොම උනේ.ගොඩක් විස්තර බලදාරියා විසින් කපා හරින ලදී.මේ බොලොක්කෙ මේ ලිපියට තමයි මම වැඩියෙන්ම මහන්සි වෙලා තියෙන්නෙ.පේනවානේ පැදුර වගේ මේකෙ දිග.දැන් මේක පබ්ලිෂ් කරන්න බලනකොට වෙලාව රෑ 2.40යි.හෙට ඉංගිරිසි ඉගෙනගන්න යන්නත් තියනවා.(හෙට කිව්වට අද).ඔන්න පහලින් like එකක් දාලා මාව මොරාල් කරලා තව හිතට එන ඕනම දෙයක් පහල google comment box එකේ කුරුටු ගාලා යන එකයි ඇත්තෙ......ගිහින් එන්නම්....     මල් මල් 

මෙම ලිපියෙන් කාට හෝ යම්කිසි කුඩා හෝ සිත් අමනාපයක් ඇතිවූයේ නම් කණගාටු වන අතර මෙහි යම් වැරදි,අඩුපාඩු ඇත්නම් හා පැවසීමට වෙනත් ඕනෑම අදහසක් ඇත්නම් කරුණාකර පහතින් අදහස් දක්වන මෙන් සැමටම ආරාධනා කරමි.
මෙම අඩවියේ නවතම අලුත්වන තොරතුරු එසැනින් දැන ගැනීමට දකුණු පස ඇති FB box එක like කරන්න නැතිනම් වම් පස ඉහල ඇති google circle follow කරන්න.ඒත් නැතිනම් පහල ඇති Facebook follow button එක press කරන්න.

ප/ලි

අප හිතවත් ගූගල් දෙයියා මා බොලොක්කයේ ඇති කමන්ට් ස්පෑම් යැයි සලකා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන හෙයින් එතුමාට එකට එක කිරීමක් ලෙස මෙම බොගයෙන් ගූ ගල් කමෙන්ට් පෙස්ටිය ඉවත් කරන ලදී.මේ තාක් දුරට මා දිරිමත් කල,අදහස් එක්කල සියල්ලගේම කමෙන්ට් ගූ ගල් දෙයියා සමග වලපල්ලට යන බැවින් කමාව අයදිමි.බොගර් කමෙන්ට් පෙස්ටියට ජය වේවා යැයි පතමින් මෙතැන් සිට එම පෙස්ටිය සැවොම භාවිතා කරමු.....

13 comments:

  1. ලංකාවේ දැනට දෙන නායකත්ව පුහුණුව ගැන මගේ වැඩි පැහැදීමක් නොමැත

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද කෝරලේ මහත්තයෝ.පිටරට එවුවා වලත් මේ වගේ ඒවා දෙනවද?මුකුත් නැතිව තියනවට වඩා මෙහෙම හරි පටන් ගත්ත එකනම් ලොකු දෙයක්.මේ පැත්තේ ආවට ස්තූතියි හොදේ.අපි ඉතිං තාම කිරිකෝඩු...වරදක් තිබුනත් හිතකින් නෙමෙයි හොදේ

      Delete
  2. මචං,පුහුණුවට කියලා කාටවත් එහෙම කෙල්ලො උස්සන්න පුළුවන්ද?දැන් උඹලගේ කවුරුහරි නහරකාරයෙක් ඉඳලා ගහගන්න ගිහින් පාරක් එහාමෙහා වුනා නම් එහෙම ඒකේ අවසන් ප්‍රතිඵලය මොකක් වෙයිද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් තියනවා මචෝ..අපිත් ඒ ගැන කතා උනා.....වෙලාවක මං ඔය පැත්තෙ ඇවිත් යන්න එන්නම්කො....මේ පැත්තෙ ඇවිත් අදහස් බෙදාගත්තට බොහොම ස්තූතියි හොදේ.......

      Delete
  3. Nice memories ;) will never forget :D

    ReplyDelete
  4. still the life in KDU Is amazing.... ;)

    ReplyDelete
  5. මාර මෝඩ චූන් තමයි මෙ උගුඩුවත් දෙන්නෙ. වැවි යටින් පාරවල් කපන්නයි. නායකත්ව පුහුණු දෙන්නයි. අනේ බොල බූරැ හරකෝ ඔයිට වඩා කරන්න කොචිචර දේවල් තියෙනවද? ඉස්සරවෙලා කැමිපස් ලමයින් අවශ්‍ය පහසුකමි ලෙක්චර්ස්ල, අවශ්‍ය කොමිපියුටර් ලැබිස් එතකොට වතුර, නේවාසිකාගාර පහසුකමි දියුණු කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. වැව් යටින් පාරවල් කපන්න??එහෙම සදහනක් මේ ලිපියෙ නැහැ.

      ඔබතුමා මෝඩ චූන් බලන්න මේකට ආවේ ඇයි?නෑවිත් ඉන්න තිබුනනෙ.එහෙම චූන් බලාගන්න ඕන නම් ගෙදරදී ඔබතුමාට වැදගත් විදියට කතාකරන්න උගන්නපු නැති, මේ විදියට හදපු අම්මගෙයි තාත්තගෙයි දිහා බලාගන්න.උගුඩුවත්, බූරැ හරකත් එතකොට බලාගන්න පුලුවන්.

      //ඉස්සරවෙලා කැමිපස් ලමයින් අවශ්‍ය පහසුකමි ලෙක්චර්ස්ල, අවශ්‍ය කොමිපියුටර් ලැබිස් එතකොට වතුර, නේවාසිකාගාර පහසුකමි දියුණු කරන්න ඕන//

      ඇත්ත...ඒත් ඒවා දියුණු කරන්න ඕන කැම්පස් එකේ ළමයිමද?

      මොනව උනත් ඔබතුමාගේ අදහස් දැක්වීමට තුති....!!

      Delete
  6. අද තරුණ පරපුරට සුන්දර අත්දැකිම් විදින්න අවස්ථාවන් අඩු යුගයක සිනහව කදුල අතර ගොඩනැගුණු සහෝදරත්වයෙන් ගෙවපු ඒ සුන්දර කෙටි කාලය අපට දැනෙන්න කියන්න ඔබ ගත්ත උත්සාහය අගය තළ යුතුයි. ඒත් කියන්න බැරි සුන්දර දේවල් තව කොච්චර තියෙනවද? ඒවා පුද්ගලිකයි . රහසිගතයි. නේද? පුතාලට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ/ඔබතුමීගේ අදහස් දැක්වීම ඉතා අගේ කොට සළකනවා......... ඇත්තටම ගොඩක් පුද්ගලිකයි රහසිගතයි යැයි හැගුණු සිදුවීම් ඇතුලත් කලේම නැහැ.....ඒවා රහසක් විදියට තියන් ඉන්නකොට කොච්චරනම් විනෝදයිද? පුතා යැයි කළ ආමන්ත්‍රණයෙන් ඔබතුමාගේ හෝ ඔබතුමියගේ අප වැනි දරුවන් කරා දක්වන ලෙංගතු සිතත්,ඒ සිතින් නිතැතින්ම අපට මහත් ආශිර්වාදයක් සපයනු බවත් නිසැකයි....ඔබට දීර්ඝායු වේවා......!!!

      Delete
  7. කොහොමද පුහුණුව මාස හයක් විතර වුනොත් ආතල් නේ....ඔය හමුදා පුහුණුවේ මොන්ටිසොරි කැල්ලක් විතරයි.ඔහොම එකතුවෙලා කරනු ක්‍රියාකාරකම් වලින් තමයි. අපිට යුද්දේට මොරාල් දුන්නේ.ඒ කැප කිරම් වලින් දැන් සාමය උදාවිම ගැන අපට නම් සතුටුයි .........ජය ජය ජය....වේවා.........

    ReplyDelete

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............