නීතිය කාටද?රකින්නෝ කුමටද?
කාලෙක ඉදං ලියන්න හිතේ තියං එකක් තමයි මේ ලියවෙන්නෙ.සහෝදර බ්ලොග් අඩවි කීපයකම මේ සම්බන්ධව ලිපි කීපයක් දැකපු හන්දා තමයි මේකම දාන්න ඕන කියලා හිතුනෙ.මෙන්න ඒ ලිපි.....
1. ප්‍රියා අයියගෙ පොලෝසිය හොරු සමග හෙළුවෙන් ………
2. අවන්හලේ පොලිසිය... ලංකාවේ අපෙ පොලිසිය..-01
3.ඔමා අක්කගෙ පොලිස් කේස් එකක්
වැඩි කතා ඕන නෑ.මෙන්න මේකයි උනේ.මුලින්ම කියන්න ඕන පොලිස් සේවයේ අවංකව,නීතිගරුකව තම රාජකාරිය කළට වෙලාවට නිසි අයුරින් ඉටු කරන සියලු නිළධාරීන්හට මේ ලිපිය අදාල නොවේ.ඉහත සදහන් නොවූ අනිත් අවශේෂ කුලක සදහා මෙය වලංගු වේ.මුලින් සදහන් කළ උතුමන්ට අපගේ නිබද ගෞරවය හිමිවන අතර රට,රාජකාරිය වෙනුවෙන් කරන කැපවීම උතුම් කොට සළකමු.
අද නීතියබල්ලට ගොස් ඇතැයි එදිනෙදා දකින අසන පුවත් වලින් මනාව පැහැදිලි වේ.තරු සහිත පොලිස් මහත්හොරු තම දරුවන් සමග එකට හිරේ ඉන්නා පුවත් පසුගිය කාලයේදී මහත් ජනප්‍රිය විය.අල්ලස් ගැනීම්,විවිධ අපචාර,දූෂණ චෝදනා,සොරකම් ආදිය දැන් සාමාන්‍ය සිද්ධීන් වේ.මේ සා චෝදනා පොලීසියට එල්ල නොවේනම් අන්න එදාට අප සිටින්නෙ ආසියාවේ ආශ්චර්ය තුලය.අඩු කාලයකින් නවීන පන්නයේ ඉතා වටිනා නිවසක් සාදාගැනීමට නම් ට්‍රැෆික් පොලීසියට හෝ සුරාබදු ඒකකයට රාජකාරී කිරීමට පැනීම ඉතා සුදුසු බව රට්ටු පවසන අයුරු කිහිප වතාවක්ම මගේ කනට ඇසී ඇත.නීතිය සුරකීමට පත්කල ඇති එම නිළධාරීන් තම රාජකාරිය අවංකව ඉටු නොකළහොත් රටේ පවතින නීති පද්ධතිය පිළිබද මහජන විශ්වාසය බිද වැටීම වැලැක්වීම වයිමාටද කළ නොහැකි දෙයකි.පහත සිද්ධිය දෙස බලන්න...
දිනය - 2013/12/26
වේලාව - දහවල් 1ට පමණ
ස්ථානය - පොලොන්නරුව කදුරුවෙල දුම්රිය ස්ථානය ඉදිරිපිට
සිද්ධිය - දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති කහඉර මත රාජකාරියේ නියුතු පොලිස් නිළධාරියාගේ මිතුරකු මෝටර් සයිකලයකින් පාරේ ගමන් කරනු එම නිළධාරියා දැකීම,ඔහුව කහඉර මත නතර කිරීම,විහිලු තහලුවෙන් ඔහු සමග කහඉර මතදීම විනාඩි කිහිපයක් ගතකිරීම,පාරේ වාහන තදබදයක් ඇතිවීම,පසුපසින් ආ බස් රථ රියදුරකුගේ නළා හඩින් කුපිත වූ අනිත් නිළධාරියා එම රියදුරුට බැන වැදීම හා වාහන රියදුරන්ගේ නළා හඩ මධ්‍යයේ නිළධාරීතුමා තම මිතුරාට සමුදීම
එම නිළධාරියා සහ පාරේ සිටිනා සිව්පාවා අතර වෙනස = පිළිතුර ඔබ තීරණය කරන්න
එම පොලිස් නිළධාරියාගේ රාජකාරි අංකය - 50559
එම නිළධාරියා අතින් සිදුවූ වැරදි/අඩුපාඩු (මට හැගෙන පරිදී) -
1.කහඉර මත වාහන නැවැත්වීමට අනුබල දීම
2.කහඉර මත නැවැත්වූ වාහනයේ රියදුරු වරදකරුවකු නොකර නිදහස් කර යැවීම
3.තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම හා පැහැර හැරීම
4.මාර්ගය මත අනතුරක් සිදුවීමට ඉඩක් සැපයීම
5.කහඉර මත පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු නොකිරීම
6.අන් අයගේ වටිනා කාලය අපතේ යැවීම
7.නීතිය රකින්නන් පිළිබද නරක ආදර්ශයක් සැපයීම
වෙන කවුරුහරි අහිංසක මනුස්සයෛක්ගෙ බයික් එකක් කහඉර උඩ වැරදිලාවත් නැවතුනොත් පොලිස් මහත්වරු ඒ මනුස්සයව ඉතුරු කරන්නනෙ නෑ.මේක දැකපු ගමන් මට හිතුනෙ මෙන්න මේ දේ විතරයි.නීතිය කාටද? රකින්නෝ කුමටද?
මං බොහොම ප්‍රොපෙසනල් විදියට තමයි උක්ත ආක්කියාතෙ ගලපලා ඔය උඩ ටික ලියන්න ට්‍රයි කලේ.ඒකෙත් පොඩි අයිටම් එකක් තියනවා බලන් යනකොට....
පොලිස් කියන වචනෙ ලොකු තේරුමක් තියනවා.මෙන්න ඒ තේරුම
Polite - ශිෂ්ට/ආචාරශීලී
Obedient - යටහත්/ශික්ෂිත
Loyal - දේශප්‍රේමී/ලෙන්ගතු
Intelligent - දැණුම් තේරුම් ඇති/ප්‍රඥාවත්
Courageous - එඩිතර/ධෛර්යසම්පන්න
Efficient - ක්‍රියාශූර/කාර්යක්ෂම
පොලිස් නිළධාරියෙක් උනාම ඔන්න ඔය උඩ තියන ගති ලක්ෂණ තියෙන්න ඕනලු.පාරෙ යන පොලොස් මහත්තයෙක්ගෙන් එහෙම අහලා ලාවට කන පලා ගත්තොත් ඔන්න මමනං නෑ.
අනාගතේ පොලිස් කියන වචනෙ මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඉඩ තියේලු
අදත් විමසුම පිටපත !@#$%^ ගෙන්..............හැක හැක......!!
මේක ලියලා පබ්ලිෂ් කරාට පස්සෙ මං ගැන ආරංචියක්වත් නැති උනොත් අහිංසක අපේ අම්මටයි තාත්තටයි මේක කියවපු උන් මේ ගැන කියපල්ලා.....සුදු වෑන් මට හීනෙන් නොපෙනේවා......!!!
Papaa Palace........!!
1.පපා පැලස් ෆේස් බුක් පිටුව https://www.facebook.com/tangallepapaapalacehotel
2.නිළ වෙබ් අඩවිය http://tangallepapaapalacehotel.com/
2. අවන්හලේ පොලිසිය... ලංකාවේ අපෙ පොලිසිය..-01
3.ඔමා අක්කගෙ පොලිස් කේස් එකක්
වැඩි කතා ඕන නෑ.මෙන්න මේකයි උනේ.මුලින්ම කියන්න ඕන පොලිස් සේවයේ අවංකව,නීතිගරුකව තම රාජකාරිය කළට වෙලාවට නිසි අයුරින් ඉටු කරන සියලු නිළධාරීන්හට මේ ලිපිය අදාල නොවේ.ඉහත සදහන් නොවූ අනිත් අවශේෂ කුලක සදහා මෙය වලංගු වේ.මුලින් සදහන් කළ උතුමන්ට අපගේ නිබද ගෞරවය හිමිවන අතර රට,රාජකාරිය වෙනුවෙන් කරන කැපවීම උතුම් කොට සළකමු.
![]() |
කැම්පස් කොලුවකු සමග එකට නර්ථනයේ යෙදෙන විනයගරුක නිළධාරී උතුමෙක් |
![]() |
උදෑසන ශරීර සුවතා වල නිරතවන ක්රීඩාකාරී උතුමන් පිරිසක් |
අද නීතිය
දිනය - 2013/12/26
වේලාව - දහවල් 1ට පමණ
ස්ථානය - පොලොන්නරුව කදුරුවෙල දුම්රිය ස්ථානය ඉදිරිපිට
සිද්ධිය - දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති කහඉර මත රාජකාරියේ නියුතු පොලිස් නිළධාරියාගේ මිතුරකු මෝටර් සයිකලයකින් පාරේ ගමන් කරනු එම නිළධාරියා දැකීම,ඔහුව කහඉර මත නතර කිරීම,විහිලු තහලුවෙන් ඔහු සමග කහඉර මතදීම විනාඩි කිහිපයක් ගතකිරීම,පාරේ වාහන තදබදයක් ඇතිවීම,පසුපසින් ආ බස් රථ රියදුරකුගේ නළා හඩින් කුපිත වූ අනිත් නිළධාරියා එම රියදුරුට බැන වැදීම හා වාහන රියදුරන්ගේ නළා හඩ මධ්‍යයේ නිළධාරීතුමා තම මිතුරාට සමුදීම
![]() |
එම අවස්ථාව |
එම පොලිස් නිළධාරියාගේ රාජකාරි අංකය - 50559
එම නිළධාරියා අතින් සිදුවූ වැරදි/අඩුපාඩු (මට හැගෙන පරිදී) -
1.කහඉර මත වාහන නැවැත්වීමට අනුබල දීම
2.කහඉර මත නැවැත්වූ වාහනයේ රියදුරු වරදකරුවකු නොකර නිදහස් කර යැවීම
3.තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම හා පැහැර හැරීම
4.මාර්ගය මත අනතුරක් සිදුවීමට ඉඩක් සැපයීම
5.කහඉර මත පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු නොකිරීම
6.අන් අයගේ වටිනා කාලය අපතේ යැවීම
7.නීතිය රකින්නන් පිළිබද නරක ආදර්ශයක් සැපයීම
වෙන කවුරුහරි අහිංසක මනුස්සයෛක්ගෙ බයික් එකක් කහඉර උඩ වැරදිලාවත් නැවතුනොත් පොලිස් මහත්වරු ඒ මනුස්සයව ඉතුරු කරන්නනෙ නෑ.මේක දැකපු ගමන් මට හිතුනෙ මෙන්න මේ දේ විතරයි.නීතිය කාටද? රකින්නෝ කුමටද?
මං බොහොම ප්‍රොපෙසනල් විදියට තමයි උක්ත ආක්කියාතෙ ගලපලා ඔය උඩ ටික ලියන්න ට්‍රයි කලේ.ඒකෙත් පොඩි අයිටම් එකක් තියනවා බලන් යනකොට....
පොලිස් කියන වචනෙ ලොකු තේරුමක් තියනවා.මෙන්න ඒ තේරුම
Polite - ශිෂ්ට/ආචාරශීලී
Obedient - යටහත්/ශික්ෂිත
Loyal - දේශප්‍රේමී/ලෙන්ගතු
Intelligent - දැණුම් තේරුම් ඇති/ප්‍රඥාවත්
Courageous - එඩිතර/ධෛර්යසම්පන්න
Efficient - ක්‍රියාශූර/කාර්යක්ෂම
පොලිස් නිළධාරියෙක් උනාම ඔන්න ඔය උඩ තියන ගති ලක්ෂණ තියෙන්න ඕනලු.පාරෙ යන පොලොස් මහත්තයෙක්ගෙන් එහෙම අහලා ලාවට කන පලා ගත්තොත් ඔන්න මමනං නෑ.
අනාගතේ පොලිස් කියන වචනෙ මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඉඩ තියේලු
අදත් විමසුම පිටපත !@#$%^ ගෙන්..............හැක හැක......!!
මේක ලියලා පබ්ලිෂ් කරාට පස්සෙ මං ගැන ආරංචියක්වත් නැති උනොත් අහිංසක අපේ අම්මටයි තාත්තටයි මේක කියවපු උන් මේ ගැන කියපල්ලා.....සුදු වෑන් මට හීනෙන් නොපෙනේවා......!!!
____________________________________________________
Papaa Palace........!!
දකුණුලක තංගල්ල නගරයේ මැදකැටිය පාරේ සුන්දර වෙරළතීරයට ආසන්නව පසුගිය 16 වැනිදා අභිනවයෙන් ආරම්භ වූ හොටල් පපා පැලස් ආයතනයට මල් මල් අඩවියෙන් උණුසුම් සුභ පැතුම්.........!!!
ඔබට මෙහිදී ලබාගත හැකි සේවාවන් කිහිපයක්.....
1.RESTAURANT
2.GARDEN CAFE
3.BUSINESS CENTER
4.PARKING & TRANSPORT
5.SPA
6.FOOD
7.ROOMS
8.FREE WIFI
![]() |
ඉදිරිපස දර්ශනය |
![]() |
සුන්දර වෙරළ තීරයට ආසන්නවම |
![]() |
නවීන පන්නයේ සම්භාෂණ ශාලාව |
![]() |
සුව පහසු ආරක්ෂිත නිදන කාමර |
![]() |
ප්‍රනීත සෞඛ්‍ය ආරක්ෂිත ආහාරපාන |
![]() | |||
ආයුර්වේද ස්පා |
![]() |
ඉදිරිපස දර්ශන |
වැඩිදුර විස්තර........
1.පපා පැලස් ෆේස් බුක් පිටුව https://www.facebook.com/tangallepapaapalacehotel
2.නිළ වෙබ් අඩවිය http://tangallepapaapalacehotel.com/
3.දුරකතන අංකය - +94472240046
![]() |
සිතියමෙන් |
පිස්සු හැදෙනවා කියන්නෙ ආයෙ ලොවෙත් නෑ මල්ලි.
ReplyDeleteකවුද බොල අර ෆොටෝ එක ගත්තෙ?? කවුරු ගත්තත් නියම පැපරාසි පොරක් තමා.
බලන් හිටු ඔය වැරදි ඔක්කොටම වැරදි කාරයා 'නාමල්' කියලා නම දාලාගෙදරට උසාවි නියෝග එන්න බැරි නෑ.
අර පොලොස්'කාරයා' ගෙ අංකෙත් එක්කම දාපු එක හොදයි. මන් උඹේ නිර්භීත කමට හිස නමා ආචාර කරනවා. ගොඩක් උන්ට ඔහොම කොන්දක් නෑ. "ඒත් ගොඩාක් පරිස්සම් වෙයන් මලයා." මොකද අපි තාම ජීවත් වෙන්නෙ නීතිය සාධාරණත්වය අගය කරන රටක නෙමෙ.
මන් ආයෙත් උඹට සැලියුට් එකක් ගහනව මල්ලි මොකද "වැරදි කරන එකාට වඩා වැරදි නොදැක්කා වගේ ඉන්න එකා වැරදී". අපි අපේ සමාජෙ වැරදි මෙහෙම හරි පෙන්නමු.
ෆොටෝ එක ගත්තෙත් මං අයියෙ,මගේ දුප්පත් ෆෝන් කටුවෙන් තමයි ගත්තෙත්.සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන අයියෙ.ඔය පැත්තෙ නිතරම යන හන්දා කුඩු පැකට් එකක් බෑග් එකට දාලාවත් මාව විනාස කරයිද දන්නෙ නෑ.
Deleteරෙස්පෙක්ස්ට් බ්‍රදර්..
ReplyDeleteසැලියුට් යු...
සුපිරි.. මේකෙන් රිදෙන්න ඇති නියමෙට උන්ට.. මං උඹට කැමතියි.. මේක හොඳම ලිපිය.
රිදෙන්න ලියන මිනිස්සුන්ට මං මාර ආසයි.. කීප් ඉන් අප්
එළ එළ. ඒක ඇත්ත.
Deleteමං මේ හැංගිලා ඉන්නේ........!!! මෙව්ව දාලා මාව අහුඋනොත් ලාච්චුවටත් දාලා වහවි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනියම ගැහිල්ල නාමල්. වැරදිලාවත් උඹව එක්කන්යන්න සුදු වෑන් එකක් (හෝ මොනම හෝ කෙහෙල්මලක්) ආවොත් ඒකට නගින්න කලිං මට ලාවට දැනුම් දීපං ඈ. මං බලාගන්නං උං ගැන. උඹ අහලා ඇතිනේ උං තවම අපිට බයයි කියලා.
ReplyDeleteසිරාවටම.මටනම් පෙන්නන්න බෑ ඔය මහත්තුරු.මගේ ගාව දඩ කොලම ඇති සෑහෙන්න.නගින්න කලිං වැදලා හරි අනේ බුදු මාමේ කෝල් එකක් ගන්න දියන් කියලා මං උබට කෝල් එකක් දෙන්නං ඈ...
Deleteකාගේද බං රෙස්ටෝ එක..
ReplyDeleteඅපේ නම් නෙමේ ඕන්.
Deleteදේශකතුමා ඒක මං පොඩි කාලෙ ගෙදරටත් වඩා හැදුනු වැඩුනු මගේම ගෙදර වගේ ඉන්න මගේ හොදම යාලුවෙක්ගෙ ගෙදර අය දාපු එකක්..තංගල්ල පැත්තෙ එනවනම් ඇවිත් යන්න එන්න
Deleteදේශකය විස්තර ඇහුවෙනම් හොදකට නෙමේ අයිතිකාරයන්ට කල්පනාවෙන් ඉන්න කියාල්ල, විශේෂයෙන් අරක්කු බෝතල් එහෙම පරිස්සම් කරගන්න කියාල්ල, දේශකය ලගින් ගියොත් බෝතලයක් නෑ :D
Deleteහෑ.... ඈ බං සසිදු දේශකයා ඒ තරමට බෙබෙක්ද?
Deleteනියම පොලිස් කාරයො ඉන්නෙ බොහොම අතලොස්සයි බන් අනිත් ඔක්කොම පොලිස් කාක්කො...මෙව්ව කවදාවත් හැදෙන දේවල් නෙමේ බන් කට කැඩෙනකන් කිව්වත් අත කැඩෙනකන් ලිව්වත් ගගට කපන ඉනි වගේ තමා...
ReplyDeleteඒකනම් ඇත්ත බං සසිදුවො.මේ අසාධාරණකම් මෙහෙමවත් ලිවුවෙ නැත්නම් හිතට නිදහසක් නෑ බං ඒකයි මේ
Deleteමේකනෙ කතාව මචෝ... ඔයා නං නියම කොල්ලෙක්... මොනා උණත් ලැජ්ජාවක් කියල නාමයක් හරි තියෙන පොලිස් බුවෙක් මේක කියෙව්වොත් කියල මං හිතනව.(දන්න තරමට ඒ ජාතියෙ අය වදවී ඇත)
ReplyDeleteපරිස්සමෙන් මචෝ... මොකද මේ ලංකාවනෙ... ආස්චරියෙ රස්නෙ උඹටත් වදින්න බැරි නෑ
ඒකනම් සිරාවටම ඇත්ත සහෝදරයා.මා.් මේ හැංගිලා ඉන්නෙ.මං හිතන්නෙ ඒ මහත්තුරු රතු දත්ත පොතට ඇතුලු වෙලා ඉවරයි (අර අර වදවී යන සත්ව තොට්ටාශ ගැන තියන පොත)
Deleteහෙහ් හේ.... මං ඒ ගැන කීවෙ නැත්තේ වදවී යන සත්ත්ව කොට්ටාසයන්ට එය හරි මදි හිංදාය.. ඔබ ලියා ඇති නිසා කිසිත් නොකියමි
Deleteඅර කියන්න වගේ ඒක ඒ සත්තුන්ටත් මදිකමක් හැබෑටම
Deleteහැක් හැක් ,මේ කොහෙ පොලොසිය ද ?අපේ රටේ නෙවෙයි නේ ...අපේ රටේ මෙහෙම වෙන්නෙ නෑ ,මම හිත්න්නෙ ඉන්දියාවේ වෙන්න ඇති ,අශ්චර්යමත් ලෙස නොමිලේ සුවපහසු සුදු වැන් රථයක ගමනක් යන්න ඔබටත් ඉක්මනින් ලැබෙවා .ඊට පස්සෙ උබත් පොලොසිය හොදා .....යි කියයි ..හැක් හැක්
ReplyDeleteයකු මාත් ඔය කදුරුවෙල පැත්තෙ කරක් ගහනවා උඹ කොහෙද බන් එහෙ ගියේ ....???
නෑ නෑ බොල මේ ලංකාවෙ පොලීසිය ගැන නෙමෙයි ලියලා තියෙන්නෙ.අර අර ආස්චරියෙද මොකක්ද එක තියන රටේ ඉන්න උදවිය ගැන.එහෙම එක්කං ගිහිල්ලා පණ පිටින් එන්න පිනක් තිබුනොත් මාත් එහෙම වේවි.
Deleteඅඩේ උබත් ඒ පැත්තෙ එනවද?මං උ/පෙ කරන්න ගියේ පොලොන්නරුව රෝයල් එකට
නියමයි අබේසිරි මහත්තයෝ,උබත් දැන් වදින තැන් වලට වදින්න සුපිරිම ආර්ටිකල් ලියනවනේ.එළකිරි.කිසිම ආදුනික ගතියක් පෙන්නේ නැහැ.ඇත්තටම මාරම ආඩම්බරයි.
ReplyDeleteතැංකූ තැංකූ...අඩේ ලැජ්ජ හිතෙනවා බං.... තව මේවා ගැන සෑහෙන්න ඉගෙනගන්න ඕන බං.ලියන්න ලියන්න තමයි හොදට ලියවෙන්නෙ
Deleteපොලිසිය ගැන නම් මොනවට කතා කරනවද අවංක නිළධාරීනුත් නැතුවම නෙමෙ ..ඒත් බහුතරය ඉන්නේ මොලයක් නැති මිනිස්සුනේ
ReplyDeleteමොලයක් නෑ කියන්නත් බෑ අහුවෙන්නෙ නැතිව කරන හොර වැඩ ගැන ආරංචි වෙනකොට... ඒක ඇත්ත,මේ සේවයේ ඉන්න අවංක නිළධාරීන් අතලොස්ස නිසා තමයි මෞක මෙහෙමවත් රැදිලා තියෙන්නෙ
Delete