මනුස්සකම Vs හොර හිත
සෑහෙන්න කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා.නෙට් ආවට අනිත් අයගෙ බොග කියව කියව ඒවට හොට දදා හිටිය එක විතරයි කොලේ.වෙන මුකුත් හින්දම නෙමෙයි,ඇග පුරාම හිත පුරාම තිබුන කම්මැලිකම තමයි මේකට වග කියන්න ඕන.අඩෝ ගල් ඉබ්බා වගේ කම්මැලි වෙන්නෙ නැතිව මුකුත් ලියපා....න්... උඩු හිත යටි හිතට මෙහෙම කොච්චර නම් කියන්න ඇතිද?? බැරිම තැන තමයි මේ ලියන්න ගත්තේ.කාගෙන් උනත් හැමදාමත් බැනුම් අහන්ට පුලුවනැ... හා නැද්ද හා....????
ගෙදර ඉන්න තුතිල මල්ලිගෙ සාපෙ ඉවර නිසා (සාමාන්නිය පෙළ හොදේ) ආච්චි අම්මා දවස් දෙක තුනකට බෙලිඅත්තෙ ගියා රත්මලානෙ ගෙදර හිටියෙ මල් කොලුව විතරයි.තනියම ඉන්න කොට උයන්න එපා වෙනව නෙව,ඉව්වත් ඉතිං පරිප්පුයි සම්බලුයි,සම්බලුයි පරිප්පුයි තමයි.තුන් වේලට හැමදාමත් ඕවා කන්න පුලුවනැයි මනුස්සයෙකුට.(තව ඒවා හදන්න දන්නවා හරිය,ඒත් ඉතිං කම්මැලිකම මුදලිකමටත් වැඩිය ලොකුයි කියනවනෙ).ඉතිං ඔන්න උයලා එපා උන දවසට පුරුද්දට වගේ හැමදාම යන්නෙ රත්මලානෙ ගොලුමඩම හන්දියට කිට්ටුවෙන් තියන රෙක්ස් මාවතට හැරෙනකොටම තියන චන්දන බේක් හවුස් එකට.අතේ තියන ගානට පිරිසිදුව ගමේ කමට බත් කටක් බඩට දාගන්න පුලුවන් මං දන්න රත්මලානෙ හොදම තැන තමයි එතන.
ඔන්න ඉතිං එහෙම එපා උන දවසක තමයි මේක උනේ.උදේට බඩ පැලෙන්න කඩෙන් කාලා චිත්තර පිටියක් එහෙම බලලා හොද සනීපෙට නින්දක් දාලා දවල් තුනට විතර ආයිමත් අවදි උනා.දැන් ඉතිං ආයිමත් බඩගිනී.කරකවලා ගත්තා මගේ නිළ වාහනේ.(නිළ වාහනෙන් ගියපු තවත් ගමනක් ගැන මෙතනින් ගිහින් කියවන්න).
අදාල තැනට ගිහින් පුටාර් එක කඩේ ඉස්සරහම නවත්තලා මං ඇතුලට ගියා.කඩේ තියන තඩි කිඹුලන්ට වහ වැටිලා මං ගොඩක් දවසට යන එන හන්ද කඩේ ඉන්න මනුස්සයො මං ගැන හොදට දන්නවා.දත් තිස් දෙක දාලා මාව පිළිගත්තට පස්සෙ මං බත් එකක් අරගෙන පැත්තක පුටුවකට වෙලා නිදහසේ බුදින්න පටන් ගත්තා.බාගයක් විතර කනකොට අවුරුදු 40ක විතර අහිංසක වගේ කෙට්ටු පුංචි පෙනුමක් තියන මනුස්සයෙක් පොල් කේක් එකකුත් අරන් මගේ ඉස්සරහින් වාඩි උනා.කාට උනත් නොමිලේ දෙන්න පුලුවන් එක මං ඉතිං මනුස්සකමට දුන්නා (මොකවත් නෙමෙයි හිනාවක් හරිය මේක කිවුවෙ නැත්නම් පාරක බැහැල යන්න වෙන්නෙ නෑ).ඒ මනුස්සයත් අහිංසක විදියට හිනා උනා.
තව ටිකක් ගියාම අර මනුස්සයා මහත්තයෝ මට උදව්වක් කරන්න කිවුවා.මං ඇහුවා ඒ මොටෝ කියලා.මං දෙහිවල අලුත හදන බිල්ඩිමක මේසන් බාස් කෙනෙක් මං බස් එකේ ගෙදර යන්න එද්දි මගේ පඩි සල්ලිත් එක්ක පර්ස් එක පික්පොකට් ගහලා කියපි නැතා.මුකුත් උදේ ඉදං කාලා නෑ කියලා කිව්වම පාරෙ ඉන්න මහත්තයෙක් මොනවා හරි කන්න කියලා දුන්නු රුපියල් පනහෙන් තමයි මං මේක කන්නෙ කියලා දුක මූනක් දාන් කිව්වා.වැඩ කරන තැනට යා ගන්නවත් සල්ලි නෑ කිව්වා.මනුස්සකමට මගේ පපුව හෝස් ගාලා දාලා ගියා.ගිලින්න ගත්ත බත් කටත් හිර උනා.කඩේ අයියට කියලා තව බත් එකක් මං මිනිහට ගෙන්නවලා දුන්නා.ඒක හම්බුනා විතරයි මාස ගානක් සාගතේ හිටපු එකෙක් වගේ කාගෙන කාගෙන යන්න ගත්තා.මං මිනිහට හෙමිං කන්න කියලා මං කාලා ඉවර හන්ද නැගිටලා ගිහින් මිනිහටත් එක්ක බිල ගෙව්වා.ඉතිරි සල්ලි වලින් දෙහිවලට යා ගන්න රුපියල් සීයකුත් අර මනුස්සයට දුන්නා.මුදලාලිත් එක්ක චැට් පාරකුත් දාල (හැමදාම වගේ කිඹුලා බනිස් ගන්න එන හන්ද මුදලාලිටත් මාව හෙනට පුරුදුයි.මං දැක්ක ගමන් අදත් කිඹුලද කන්නෙ අහනවා).පුටාර් එක දිහත් පත්තරේ අරන් එනකං ඇහැ දාන් ඉන්න කියලා මුදලාලිට කියලා ඒක එහෙම්ම තියලා ගොලුමඩම හන්දියෙ තියන පත්තර කඩෙන් පත්තරේකුත් අරන් ආයිමත් මං බේකරිය ලගට ඇවිදන් ආවා.සයිකලෙත් අරන් එතනින්ම දාලා රෙක්ස් මාවතෙන් ගෙදර තියන කල්දෙමුල්ල පාරට යන එක තමයි මට ලග.
මං කඩේ ලගට එනකොට අර මනුස්සයා කැෂියර් එක ලග.සල්ලි නෑ කිව්ව එකා මේ මොකක් කරන්න හදනවද කියලා එලියෙ වීදුරුවෙන් මං බලන් හිටියා.මෙන්න බොලේ අර සල්ලි නෑ කියපු මනුස්සයා කඩෙන් විටමින් කූරු ගන්නවා, අරන් බෑග් එකෙන් පර්ස් එකක් ඇදලා අරන් මුදලාලිට මොනරෙක් දික් කලා.අම්මටඋඩු දැන් මගේ ඇගේ මාලු උඩ පැන පැන මට කෝචෝක් එකට නටනවා.දැන් මූට මුදලාලි ඉතිරි සල්ලි දෙනකම් එලියෙ වීදුරුවෙන් බලන් ඉදලා මං ඇතුලට ගිහින් ඌව කූරු පැකට් එකත් අතේ තියෙද්දිම ඇදලා අරන් කඩේම පුටුවක් උඩින් වාඩි කෙරෙව්වා.මං දැක්ක විතරයි මූට සිහියක් නෑ.මං උගේ අතිං තද කරන් අල්ලන් මෙහෙ දීපිය පර්ස් එක කිව්වා.මිනිහා මගෙන් බාගයක් විතර ඇති.මට දැන් සෑහෙන්න කේන්තී ඇයි මූ මට තනි බො යන්නනෙ දැම්මෙ.නෑ මහත්තය මං මේ.....කියලා කියන්න ආවා.වහපිය කට පරයා කියලා මං සයිස් කරා.යකෝ මනුස්සකමට මං කරාට මේ ප**ට තිබිලා තියෙන්නෙ මහ හොර හිතක් නෙව.ඒකයි මට යකා නැග්ගෙ.පර්ස් එක බැලුවම තව පන්සිය ගානක් තිබ්බා.බෑග් එක ඇරපුවම ගල් බොතලේකුයි පාං ගෙඩියකුයි අලුත් පොත් දෙක තුනකුයි තිබුනා.අනේ තාත්තෙ අදනම් මට මං ඉල්ලපු පොත් ගෙනත් දෙන්න කියලා වැරහැලි ඇදගත්ත පොඩි එකෙක් මූට කියනවා මට මැවිලා ගියා ඒ විතරක් නෙමෙයි අදවත් රෑට පොඩි උන්ට කන්න දෙන්න පාං ගෙඩියක්වත් ගේන්න කියලා ගෑණු මනුස්සයෙක් කියනවා මට මගේ හිතේ මැවිලා ගියා.මොකක් කරන්නද ඉතිං.පොත් ටිකයි පාං ගෙඩියයි දැක්කහම ආයිමත් මගේ මනුස්සයා අවදි උනා.ආයිමත් මේ වගේ වැඩ කරලා අහු උනොත් තොගේ හතර හංදි කඩනවා කියලා සද්දෙකුත් දාලා කිඹුලා බනිස් එකකුත් අරන් මං ආයිමත් ගෙදර ආවා.
ගෙදර ඇවිල්ලත් නිකන් අමුතු හැගීමක් මට වද දෙනවා.නිකං කරන්නම තිබුනු වැඩක් නොකර මග ඇරියා වගේ කියලා.ඒ තමයි අරූගේ කන රත්වෙන්න දෙකක් දෙන්න බැරි උන එක.මේක වෙලා ටික දවසක් උනත් මේ ලියන වෙලාවෙත් ඒක මට දැනෙනවා.මං රවට්ටන කෙනෙක්ට මං කවදාවත් සමාව දෙන්නෙ නෑ.ඒත් ඉතිං අර පොත් ටිකයි පාං ගෙඩියයි මතක් උනාම මං ඒ මනුස්සයට දෙකක් අනින්නෙ නැතිව අත ඇරපු එකටත් සතුටුයි.ඒත් ඒක මහ කියාගන්න බැරි අමුතුම හැගීමක්.මනුස්සකමින් අයුතු ලෙස ප්රයෝජන ගන්න උන් එමටයි කියන එකනම් මං මගේ ජීවිතේට පාඩමක් විදියට එකතු කර ගත්තා.
This comment has been removed by the author.
ReplyDeleteWish all the best to make such posts further
ReplyDeleteThanks mallo....I'll try my best....
Deleteපුදුම මිනිහෙක්නේ ඔයා අර විදියටවත් මිනිහට කරපු එක හොදයි ආයේ කරද්දී ටිකක් හරි බයක් එයිනේ.. ,මනුස්සකම අයුතුවිදිය්ට ප්රයෝජනයට ගන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා මල්ලි දැන් කාලේ ...
ReplyDeleteබ්ලොග් එක දැන්නම් මල් මල් ම තමයි
දැන් ඇත්තටම හොදයිද අක්කේ??ඔයාලගේ ගුරුහරුකම් තමයි ඉතිං...නැත්තං කොහේද.මේ පැත්තෙ ආවට ස්තුතියි හොදේ....
Deleteමටනම් හොදයි මල්ලි,, ඔයාගේ තීම් එකට යනවා
Deleteකෙනෙකුගේ දුකට උණුවෙන අපේ හිත රවටන විට කෝපයක් ඇතිවීම සාධාරණයි. සමහර විට ඔහුට ගැහුවා නම් එයත් පසුතැවීමක් වෙන්න පුළුවන්.
ReplyDeleteඒකත් ඇත්ත...දෙකක් ඇන්නෙ නැතිවට දැන් පසුතැවෙනවා.ඒත් එහෙම කලානම් ඒකත් පස්සෙ පසුතැවීමට හේතුවක්වෙන්න තිබ්බා.අපි ගමේ මිනිස්සුනෙ ඉතිං අපිව කවුරුවත් රැවැට්ටුවහම හිතට මාර අප්සට්.... මේ පැත්තෙ පළවෙනියටම ආවට සුතුතියි...හිතට අල්ලලා ගියානම් දිගටම එන්න......!!!
Deleteමහා තිරිසන් හිතක් තියන මිනිහෙක්...
ReplyDeleteඔහොම උනහම ඇත්තම අසරණයෙකුට උනත් උදව් කරන්න හිත දෙන්නෙ නෑ..
ඒකනම් සහතික ඇත්ත අක්කේ...මාත් හිතාගත්තා තවත්නම් මනුස්සකං එකෙක්ටවත් පෙන්නන්නෙ නෑ කියලා
Deleteමේ දවස් වල ඉන්නෙ මහ අමුතු මානසිකත්වයක් තියෙන උං. උංට පුළුවං නං තමංගෙ අසරණ කම විතරක් නෙමෙයි තමංගෙ පවුල හරි උගස් කරල සල්ලි හොයයි. නැත්තං තමංගෙ දුවව හරි විකුණලා දාල සල්ලි හොයයි. අද එහෙමයි. ඒත් හැම කෙනාම ඔයා වගේ පව් කියල අතෑරල එන්නෙ නෑනෙ කවද හර බුවා හොට බිම ඇනෙන්න කනවග ඒකෙ දෙකක් නෑ
ReplyDeleteඅත පය හතර හොදට තියනවනම් දෙයියනේ කියලා දෑතෙ වැඩක් කරලා කපටිකං,හොර බොරු නැතිව මහන්සි වෙලා හම්බ කරන්න ඕන.ඒක තමයි නියම පිරිමිකම.ලංකාවට මේ වගේ කලක් උදා වෙලා තියෙන්නෙ මනුස්සයන්ගෙ මානසිකත්වය වෙනස් කරගන්නෙ නැති හන්දා. මේ පැත්තට ආවට බොහෝම තුති......!!!
Deleteමං කීවනෙ සනා වෙලාවක් තියේනං නෑවිදිං ඉන්නෑ කියල
Deleteතරහ ගන්න එපා පුතා අනුන්ගෙ වැරදි වලට... ඔයා ඒ මනුස්සයාට නොගහ ආපු එක ගැන සතුටුවෙන්න.. අපි කළේ මනුස්සකමක් නම් "ආ අන්කල් නැති මොනරු ඇවිත් නේ" වගේ කෝචොක් පාරක්ම ඇති.. මොකද ඔයා සල්ලි දුන්නෙ කැම අරන් දුන්නෙ ආයෙ ගන්න බලාන නෙමේනෙ.. අනිත් මිනිසුන්ගෙ වැරදි හදන්න කියලා අපි අපේ මනුස්සකම් නැති කරගන්න හොඳ නෑනෙ..
ReplyDeleteමම මුලදි පුංචි වැරදි වැටහිමක් අරගෙන ආවෙ මේ බ්ලොග් එකට.. "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ග්රූප් එකේ
(Namal Abeysiri
මනුස්සයා කියන්නේ පිටතින් පේන කෙනා විතරද??? අපේ ලග තියන මනුස්සකමින් තවත් කෙනෙත් අයුතු විදියට ප්රයෝජන ගන්නවනම් අපි මොකද කරන්න ඕන.....??? කියවලා ඔයාලට දැනෙන දේ කියලා යන්න.......) කියලා තියෙන ස්ටේටස් එකට වැටිලා තියෙන්නෙ යසෝධාගෙ පින්තූරෙ... ඔයා කියන දේත් එක්ක මේ පින්තූරෙ දැක්කම මම වැරදි වැටහීමක් ඇති කර ගත්තෙ.. ඒක චුට්ටක් හදන්න තරහ නොගෙන..
අනේ දෙයියනේ..ඇත්ත නේන්නම්....අයියෝ මං වගේ මෝඩයෙක්.මං දැම්ම ඒවා අයින් කරනවා.මෙහෙමයි ඕක උනේ.යශෝධා අක්කට මං පුලුවන් හැටියට උදව් කලා.මං දැං තත්වෙ අහන්න අක්කගෙ ඊ-මේල් එකටත් පණිවිඩ දෙකක් යැවුවා.ඒත් උත්තරයක් ආවේ නෑ.මං ඒත් හිතුවා තව සල්ලි මදිවෙලාවත්ද කියලා.ඇයි ඒ ගැන විස්තරයක් දැන ගන්න වෙන ක්රමයක් නෑ නෙ.ඒ ගැන තවත් අයට දැනුවත් කරන්න තමයි මං ඒ ෆොටෝ එක දැම්මේ.මට ඔය වගක් කල්පනාවට ආවෙම නෑ.අනේ ඒ අක්කට, ඔයාලට හිත රිදෙන මුකුත් උනානම් මට ගොඩක් සමාවෙන්න ඕන.වරදක් පෙන්නලා දුන්න එකට බොහොම ස්තුතියි...
Deleteමං ඒ පින්තූරෙත් එක්ක ෂෙයා කළ හැම පෝස්ට් එකක්ම ඩිලිට් කලා අක්කේ.අන්න ඒ වගේ වැරදි වැඩ මුකුත් අපෙන් වෙනවනම් කරුණාකරලා පෙන්නලා දෙන්න හොදද අක්කේ.අපි තාම ආධුනිකයොනෙ
Deleteපෝස්ට් එක ඩිලීට් නොකර පින්තූරෙ අයින් කරන්න බැරිද? මම නම් දන්නෙ නෑ.. හැබැයි පෝස්ට් එක දාද්දි නම් No Thumbnail ටික් එක දැම්මම හරි.. අපරාදෙනෙ පෝස්ට් අයින් කළේ..
Deleteඒක අයින් කරලා ආයිමත් දැම්මා.එතකොට හරි......පෝස්ට් එක අයින් නොකර පින්තූරෙ අයින් කරන්න බෑ (මං දන්නෙ නැතිව ඇති සමහර විට දෙපාරක් තුන්පාරක් ට්රයි කලා)
Deleteඇත්ත මල්ලි ඔය වගේ වෙලාවට දෙකක් ඇන ගන්න බැරි උනාම හිතට දුකයි තමා.
ReplyDeleteඒත් පවු ඌගෙ පොඩි උන්ගෙ මුහුණු මටත් මැවිලා පෙනුනා. ඔහොම සක්කිලි පරයො නිසා කවදාහරි අර අහිංසක දරුවන්ට තමා රටට ලෝකෙට මුහුණ දෙන්න බැරි වෙන්නෙ.
මේ අවුරුද්දෙ දිගටම ලියමු මල්ලි. නැත්නම් උඩු හිතෙන් විතරක් නෙමේ අපෙනුත් බැනුම් අහන්න වෙයි හොදේ. :-D :-D
ලියන්න ඕන අයියේ.අපිට කැම්පා පටන් ගත්තා.සෑහෙන්න ගේමක් දීලා තමයි වෙලාව හොයා ගන්න වෙන්නෙ.....
Deleteමම නං කනට දෙකක් ගහලා දුන්න සල්ලි ගන්නවා ආපහු
ReplyDeleteතවත් එකෙක් ආයිමත් ඔයවගේ එකක් කලොත් මාත් ඕක කරනවා අටම්තුමා.....මේ පැත්තේ ආව එක අගය කරනවා හොදේ....
Deleteදුන්න එක ගැන හිතල සතුටු වෙන්න නාමලෝ... දෙන එක ගැන විතරක් හිතපන් බන් ඌ කරපු දේ ගැන පසුතවෙන්න එපා දීපු දේ ගැන විතරක් හිතපං බං
ReplyDeleteඋබේ කතාවෙත් ලොකු ඇත්තක් තියනවා.ඒත් බං මෙහෙමයිනෙ,දෙනවනම් ඔයිට වඩා දෙන්න ඕන අහිංසක දුප්පත්තු කොච්චරනම් ඉන්නවද?අන්න ඒකයි අවුල
Deleteඇත්ත තමා බන් අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සු බන් එක හින්දයි අපිට ඔය විදිහට හිතෙන්නේ මං එකයි මුලින්ම කිව්වේ දීපු එක ගැන විතරක් හිතල සතුටු වෙයන් කියල වෙන මොකුත් හිතන්නෙපා කියල මටත් ඔය වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා මං ඒත් ඒ දේවල් ගණන් ගන්නෑ බං
Deleteඔව් පසනෝ.ඒක ඇත්ත....
Deleteඅඩෝ දැන් නම් බොගිය එලය ..
ReplyDeleteඔය වගේ ජරා යක්කු නිසා ඇත්තටම අහිංසක මිනිසුත් පවු ,එත් මිනිසුන්ට උදව් කරන එක නවත්වන්න එපා ,ඒ උන් ගේ මොලේ තරම ඔය වගේ වැඩක් කරා කියලා ඌ රජ වෙන්න ද ?දුන් දේ සුවදයි කියනවා නේ ,කරේ හොද වැඩක් එක ඇති ,
හී හී...උදේ පාංදරම හිතට සතුටු දෙයක් අහන්ඩ ලැබුනා..ස්තුතියි හොදේ...උදව්වක් කාටහරි ඕනම කියලා දැනෙනවනම් ඒ මනුස්සයා බොරුවක් කරන්නෙ නෑකියලා තේරෙනවනම් කරන්න පුලුවන් ඕනම උදව්වක් කරනවා සහෝ....
Deleteහයියෝ ඇත්තටම අංහිංසක මනුස්සයකුටවත් උදව්වක් කරන්න හිතෙන් නෑ නොවැ මේව්වා අහනකොට.
ReplyDeleteපොත් දෙක ගේන්න කිව්වේ පොඩි එකානං, පාං එකක් ගේන්න කිව්වේ ගෙදර ගෑනි නං ගල් බෝතලේ ගෙන්න කිව්වේ මොන #@^@# ?
මොනව උනත් හොද හිතින් කරපු දේනේ.
ජය වේවා!!
මුලින්ම විදානෙ මහත්තයා ආදරෙන් සාදරෙන් මේ පැත්තට පිළිගන්නවා....!! උගෙ සැට් එකත් එක්ක ගල් බෝතලේට සැට් වෙන්න කූරු ගන්නකොට තමයි මට අහු උනේ...මාත් හොද හිතිං කරපු දේ කියලා හිත හදාගත්ත
Deleteමචං ඒ මිනිහගෙ කුණු ඒ මිනිහ දවසක ගෙනියයි.. ඒත් උබ උඹ ගැන හිතල සතුටු වෙයන්.. :) උබේ මනුස්සකම ගොඩක් ඉහලයි :)
ReplyDeleteසමියත් මෙන්න පළවෙනියට ඇවිදිලිලා....ඔන්න මලක් දීලා පිළිගත්තා හොදේ. ඔව් බං මාත් එහෙම හිතලා දැං හිත හදං තියෙන්නෙ..හැබැයි ඉතිං මන්ස්සකමෙ නාමෙන් මං රැවටිලා තියන පළවෙනි සැරෙත් මේක නෙමෙයි.කොච්චර පොර ටෝක් දුන්නත් එහෙම රැවටෙන අවසාන සැරෙත් මේක නෙමෙයි කියලා මං දන්නවා.....
Deleteඋබ ඔය කිව්ව තරම් සද්දයක් දැම්මෙ නෑ නේද එතනදි :D
ReplyDeleteඔහොම උන් නිසා ඇත්තම අසරණ මනුස්සයෙක්ටවත් උදව් කරන්න හිතෙන් නෑ බන්...
හී හී...අපි දකුනෙ මල්ලි...!! බෙලිඅත්ත පැත්තට ඇවිත් අහන්නකො
Deleteමම ප්රතිපත්තියක් විදියට මේ ක්රමයට උදව් කරන්නේ නෑ. හේතුව බොහෝ වෙලාවට අපි ඇන්ඳෙන නිසා. මමත් ඔය වගේ බොහෝ දෙනෙක්ව නිරීක්ෂණය කරලා තියෙනවා.
ReplyDeleteඔන්න මගේ බොග් ගුරුවරයො දෙන්නගෙන් කෙනෙක් මල් අඩවියට ඇවිත්.ආයුබෝං කියලා වැද නමස්කාර කරලා පිලිගන්නවා.මාතලන්තුමාගෙයි සුදීක අයියගෙයි බොග කියවලා තමයි මටත් එකක් අටවන්න හිතුනේ.
Deleteමාත් උදව් දෙන්නෙම නෑ කියලා හිතං ඉන්නවා,ඒත් ඉතිං කවුරුහරි ලගට ආවම ඒ ප්රතිපත්තිය නැතිවෙනවා.මාත් ඔය ඇන්දුනු පළවෙනි වතාවත් නෙමෙයි අවසාන වතාවත් නෙමෙයි කියලා කිව්වෙ ඒකයි