Friday, August 22, 2014

නාමල්ගේ ලිපි අංක 12 - සියලු රියදුරු මහතුන් වෙතයි

වැස්ස,මඩ වළවල් සහ පොන්න රියදුරන්




ඔබත් පොන්න (වඩාත්ම ගැළපෙන වචනය හු**ගෙ යන්නයි) රියදුරෙක්ද?

මාර්ග පද්ධතියක ජීවීන්, පදිකයන් හා රියදුරන් ලෙස කොටස් දෙකකට සරලව බෙදා වෙන් කල හැක.මේ කොටස් දෙක සදහාම නීති පද්ධතියක් ඇති අතර පොත්වල නොලියවූ ආචාරධර්ම පද්ධතියක්ද ඇත.රියදුරන් මෙන්ම පදිකයන් අතරද මෙම ආචාරධර්ම පද්ධතිය බල්ලටම ගොස් හමාරය.

ඊයේ (අගෝස්තු 21) උදේ හතට පමන මම ඉගෙනගන්නා අධ්‍යාපණ ආයතනය කරා පැමිනෙමින් සිටියෙමි.රෑ පුරා වැටුනු වැසි වලින් පාර පුරා ඇති වලවල් වතුරින් හා මඩෙන් පිරී ගොසිනි.ඒ වෙලාවේද මද වැස්සක් වසිමින් තිබුනි.මීටර සීයක් පමණ ගොලුමඩම හන්දියට යාමට මට ඇත,කුඩයක් ඉහලාගත් මම පාරේ මඩ වළවල් බේරා හරිමින් මහත් අපහසුවෙන් ගමන් ගතිමි.නිතරම ඇගට මඩ විසිකරමින් මඩවලවල් මතින්ම වේගයෙන් ධාවනය කරන රියදුරන්ගේ අම්මලා සිහිකරමින්ම ගමන් ගතිමි.වැස්සට තෙමීම කෙසේ වෙතත් විසිවන මඩ පාරෙන් බේරීමට කුඩය දිගු කරමින් ගමන් කිරීම පදිකයන්ට ගුණදායකබව අමුතුවෙන් කීමට නොමැත.

සුදු පාසල් ඇදුමින් සැරසුනු සිසුවියක් තම සොයුරා යැයි සිතිය හැකි කුඩා ළමයකු සමග පාරේ රැදී සිටියේ මේ අතරය.ඔවුන් මට සමාන්තරව පාරේ අනික් පැත්තේය,පාර මැද තඩි මඩවළකි.wp YO-63** (අග ඉලක්කම් දෙක දැන් මට මතක නැත) දරන නිල් පාට ත්‍රීරා්‍ෙද රිය කලින් දවසක යාමට තිබූ ගමනක් යමින් මහත් වේගයෙන් මඩ වල මතින්ම ගමන් ගත්තේ ඔවුන් දෙදෙනා සම්පූර්ණයෙන්ම නාවමිනි.වැඩ දන්නා නිසා මම මගේ කුඩය පහත් කර එම මඩ ප්‍රහාරයෙන් බොහෝ දුරට වැළකීමි.එහි ගමන් කල අවුරුදු විසිඅටක් පමන තරුණ රියදුරාට ඒ ක්‍රියාව මහත් විහිළුවකි.තම උපැස් යුවළ යටින් අප දෙස සිනාසී බලා තව අඩුපාඩුවට රථයේ නලාවද හැඩවූයේ අපිට හයර් නොදී පයින් යනවට හොදවැඩේ කියන්නාක් මෙනි.තෙමුනු සිසුවිය තම කුඩය දිගු කර මොකක්දෝ තම සොයුරාට පවසනු මම දුටිමි.



කුඩයක් ඉහලාගෙන මේ නිවාඩුකාලයේ පාසල් ඇදුමින් සිටින්නෙ අනෙකක් සදහා නොව තම උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයකට මුහුණදීමට යාමට බව මට සිහිඋනි.ඇය වෙනුවට මගේ සොයුරියගේ මුහුණ මට සිහිවිය,ඇයගේ සොයුරා වෙනුවට මගේ මල්ලගේ මුහුණ සිහිවිය.මගේ කෝපය සීමාරහිත විය.සිද්ධිය වූයේ කල්දෙමුල්ල පාරේ ටාටා සේවා ස්ථානය අසලදීය.ගොලුමඩම හන්දියට ඔන්න මෙන්න දුරය.මම විගස ඒ දුර ගෙවා ආවෙමි.එනගමන් පොන්න රියදුරු හට දෙන දඩුවම මෙයැයි තීරණය කර ආයතනයේ සියලු ලාංඡන ගලවා සාක්කුවට දා ගතිමි.සිතුවා නිවරදිය,ඒ රියදුරු පොන්නයා ආපස්සට යාමට අවසාන මගියා නගිනා තෙක් රැදී සිටී.

මම ඔහු අසලට ගියෙමි.සිතේ වූ කෝපය ඔහුගේ කන හරහාම ගමන් ගති.යමක් සිදුවුනි.ටාං ගෑවුනි.... ඔහුගේ උපැස් යුවල ඇදවී ඇඹරී ගැලවී රිය තුලටම වැටෙනු මම දුටිමි.හු**ගේ පුතා ආයි මඩ වලක් ගාවින් යනකොට හෙමිං පල තොපි විතරක් නෙමෙයි පාරේ යන්න ඕන.මුවින් පිට වූයේ එපමණකි.ආයිමත් ඌ මුකුත් කීමට ගතහොත් දෙතුන් දෙනෙකුගේ බිද අත්දැකීම් ඇති මූන මැද ඇති අංගය වන නාසය මොහුගෙත් බිදීමට ඉටා සිටියෙමි.මගේ ඒ සුන්දර අපේක්ෂාව බිදලමින් පළමු ගියරය සැනෙකින් දමා ඔහු ඉගිල්ලී ගියේය.

මෙය කියවන සියලු රියදුරු මහතුනේ.....,ඔබ සියලු දේ නිවරදිව සපයමින්,සම්පූර්ණ කරමින් රියදුරු බලපත ලබාගත් අය වීමට පුුලුවන, නැතහොත් පරීක්ෂකට,රිය පුහුණුකරුවන්ට පගාව දී හෝ වෙනයම් ක්‍රමයකින් බලපත ලබාගෙන රියපදවනවා වීමට පුලුවන.කමක්නැත, පාරේ සිටින්නෙ ඔබේ දුව,පුතා හෝ පවුලේ අය නොවීමට පුලුවන නමුත් ඒ සැවොම මිනිසුන්ය.ඔවුන්ට තමන්ගේ පවුලේ අය ආදේශ කරමින් මොහොතක් සිතා බලන්න.පාසල් යාමට,රැකියාවට යාමට හෝ වෙනත් ගමනක් බිමනක් යන පුද්ගලයෙක් හට මෙවන් අත්දැකීමකට මුහුනදුන් විට ඔහුට හෝ ඇයට සිදුවන අපහසුතාව ගැන සලකා මානුශීය හැගීමකින් යුතුව රිය පදවන්න.ඔබ රියදුරකු නොවී රථයක ගමන් කරයි නම් එම රථයේ රියදුරුහට කරුණාකර මේ බව දැනුවත් කරන්න. 

16 comments:

  1. හප්පේ බං උඹේ ලේ කෝපවෙනවනෙ හුටස් ගාල...
    යකෝ ලංකාවෙ තීවීල් කාරයො හැම එකාගෙම හොම්බ තලන්නවෙයි ඔහොම ගියොත්...
    හැබැයි අරූ ආයෙ ඔහොම කුප්ප වැඩක් කොරන්න කලිං දෙපාරක් හිතයි..
    හිහි

    ReplyDelete
    Replies
    1. ලේ කෝප වෙන්නැද්ද බං මුං එක්කලා...සිරාවටම එහෙම තලන්න පුලුවන්කමක් තියනවනම් තලනවා.ඒත් හැම රියදුරාමත් එහෙම නෑ බං.ආයිමත්නං ඌ එහෙම කරන එකක්නම් නෑ තමා

      Delete
  2. මං මේ වගේ සිද්ධියකට අදාළ පොඩි කතාවක් ලියා තිබුනා. බලන්න ඕන ආයි ඒක තියේද කියලා.. තැන්කුයි මතක් කරාට..

    ReplyDelete
    Replies
    1. දේශකතුමා පුලුවන්නම් ඒ ලින්ක් එක හොයලා දෙන්නකො... අපිට ගොඩක් ප්‍රයා්‍ෙජනවත් වෙනවා ඔබතුමන්ලගෙ අත්දැකීම්

      Delete
  3. අරූට තරු විසි වෙන්න ඇති! :D :D

    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං. හිතක් පපුවක් නැති කම!

    ReplyDelete
    Replies
    1. සිරාවටම ප්‍රියා අයියේ හිතක් පපුවක් නැති කම තමයි මේවට මුල....උගේ කණ්නාඩි කූට්ටම කැඩුන එක තමයි මට තියන දුක

      Delete
  4. නියමා.................යි

    ReplyDelete
  5. ඔයිට සමාන අත්දැකීම් කුරුටු ගී පවුරේ සාමාජිකයෙක් විදිහට මටත් ඕන තරම් වෙලා තියනවා මල් මල්...ඔබ කියන දේ සහතික ඇත්ත....උන් යන්නේ පාරේ අමාරුවෙන් වැදගත් ගමන් යන වෙන කිසිම මගියෙක් ගැන හිතන්නෙ නැතිව....ඔබ ඔහොම කිව්වට මේ වැඩේ කරන්නේ ත්‍රි විලර් විතරක් නෙවෙයි...හයි ෆයි කියන අයත් එහෙමමයි..එහෙම වෙලාවට තමයි හිතෙන්නේ ගල් අරන් ගිහින් යන්න ඇරලා උන්ගෙ වාහන වල පස්ස වීදුරු කුඩුවෙන්න දමලා අරින්න...එතකොට සනීපෙට තියෙයිනෙ...මේ තමයි උන්ගෙ තියන ළදරු මානසිකත්වය...මොන විදිහට අධ්‍යාපනය දුන්නත් ලංකාවෙ හැමෝටම ආකල්ප කියන විෂයයක් ඉගැන්නුවොත් හොඳයි වගේ...

    ReplyDelete
    Replies
    1. සිරාවටම......
      //ලංකාවෙ හැමෝටම ආකල්ප කියන විෂයයක් ඉගැන්නුවොත් හොඳයි වගේ//
      මෙන්න ඇමතිලට කරන්න පුලුවන් තවත් යහපත් වැඩක්.මේවා හැබැයි පොඩි කාලෙදිම තමන්ගෙ ගෙවල් වලින් කියලා දෙන්න ඕන පුරුදු...කොහේද ඉතිං අම්මලටත් තමන්ගෙ එකාව කිහිල්ලෙ ගහං සිස්සත්තෙ කොරන්න යන්න තියනවනෙ

      Delete
  6. මාත් දවසක් මඩ නෑවා ඉස්කොලේ යද්දී.. කොහොමද අතල් එක සුදු කිට ගහලා ඉද්දී ඔහොම උනාම..

    ReplyDelete
    Replies
    1. කොහොමද එතකොට දැනෙන සනීපෙ නේද? උගෙ අම්මට හචිං යන්න ඇති එදා සෑහෙන්න........

      Delete
  7. කියලා වැඩක් නෑ..සමහරු කෙල්ලෙක් දැක්කම හිතාමතාම ඔහොම කරනවා..ඒක කුකුල්කමද පාහරකමද අනේ මන්දා..හිතන්නකෝ වැදගත් ගමනක් යන්න ඉන්නකොට ඔහොම කලාම..ඒකත් ආයෙත් ගෙදර ගිහිං ඇඳුම් මාරුකරන් එන්න දුර නම් හරි වෙලාව මදිකමක් හරි තියෙන වෙලාවක..දවසම ඉවරයිනේ..ඒ ළමයට කොහොම දැනෙන්න ඇද්ද විභාගෙට යන්න හිටියා නම් ඒකේ ස්ට්‍රෙස් එකත් එක්ක...

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒ නංගිගෙ ජීවිතේම කාළකණ්නි වෙන්න පුලුවන් ඒ උන දේට.එහෙම නැත්නම් ආයෙ තව අවුරුද්දක් වයසට යනකං උපෙ කරන්න පුළුවන්.ගාමන්ට් එකක්,ඉස්කෝලයක් අරින ටයිම් එකට මුන් දාන වැඩ කිඩ.....!! ඇගට කපන් යනඑකයි කන කීං ගෑවිලා යන්න එක එක ජාතියෙ හෝන් හයි කරන් සද්ද දාන ඒවයි.... අයියෝ කාට කියන්නද මෙව්වා.කුකුල්කමයි පාහරකමයි දෙකම එකට උන්ගෙ වැඩකරන්නෙ

      Delete
  8. කෙන්ති ගන්න එපා ඔච්චර,වයසට යාවි ඉක්මනටම,මට මේක කියවනකොට මතක් වුනේ සුනිල් පෙරේරාගේ සින්දුව //අලි හෝදන තඩි වලවල් පාරේ ඇත්තේ මොන රටේද?// හිහ්..
    ප්‍රායෝගිකව මැද වලවල් බේර බේර ඩ්‍රයිව් කරන්නත් අමාරුයි.අර කිව විදියට හිතලම මඩ වතුර විසි කරලා ප්‍රාථමික වින්දනයක් ගන්න ඉන්න එකෙක් නම් උට හොද පාඩම.එල එල දිගටම ලියපන්.
    ගෙට් ටුගෙදර් එකට එන්නත් බෙරිවුනා උබල හම්බ වෙන්න.

    ReplyDelete
    Replies
    1. ගයාන්ව දැක්ක කල්......වැඩ වැඩි ඇති සෑහෙන්න.එක්සෑම් ඉවරද? ඊළග ගෙට් එකට සෙට් වෙමු අනිවා...බුද්ධියා එහෙමත් දැක්කෙ නෑ කාලෙකිං..................

      Delete

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............